Ethics Eye

මත් ලෝලින්ද? මතට ඇබ්බැහිවූවන්ද?

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස ුඑය මත්ද්‍රව්‍ය කෙරෙහි හුදුලොල් වීමක් ලෙසට ලඝු කිරීම හානිදායක විය හැකි බව පර්‍යේෂණ පෙන්වයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ව හැඳින්වීම සඳහා, “මත්ලෝලියා”, “කුඩ්ඩා” යනාදී යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, ඔවුන්ව සමාජය තුළ වඩ වඩාත් කොන් වීමත්, පුනරුත්ථාපනයෙන් පසුව හෝ නැවත සමාජයට එක් වීමට බාධා පැමිණීමත් සිදුවිය හැක.

මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි;

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස දක්වන්න –

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු රාශියක් හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් බව දැක්වීමෙන් ඉන් පෙළෙන පුද්ගලයින් තුළ සුව වීමේ අපේක්ෂාවක් ඇති කළ හැකියි.

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනයට උපකාරී විය හැකි අංක හෝ විශේෂඥ මූලාශ්‍ර සඳහන් කරන්න –

මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකුට උපකාර ලබා ගත හැකි අංක සඳහන් කිරීමෙන් ඔවුන්ව ඒ සඳහා දිරි ගැන්විය හැකියි.

* මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ මත්ද්‍රව්‍ය දැක්වෙන ජායරූප පළ නොකරන්න –

මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන්ට හා පුනරුත්ථාපනයට යොමු වී ඇති පුද්ගලයින්ට විය හැකි ඍනාත්මක මානසික බලපෑම හා හානිය මෙමගින් අවම කිරීමට හැකිය.

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු අදහස් පළ නොකරන්න –

සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට විය හැකි හානිය අවම කිරීමට හැකියි.

ධනාත්මක සමාජයක් වෙනුවෙන් සෘණාත්මක ලේබල්‍කරණයන්ගෙන් වළකිමු!

No photo description available.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This