බලපෑම: මෙවැනි වාර්තාකරණයන් මගින් සිදුවීමේ බරපතලකම හීන වන අතර අපරාධයට ගොදුරු වූ පුද්ගලයාගේ අවංකභාවය ප්‍රශ්න කිරීමට පාඨකයා පෙළඹවිය හැක. විසඳුම: ලිංගික අපරාධ වාර්තාකරණයේදී අපරාධයේ පවතින බරපතලකම මැනවින් ප්‍රකාශ වන, අපරාධයට ගොදුරු වූ පුද්ගලයින්ගේ අත්දැකීමට ද හානි නොවන, ඍජු...
Trivialisation of Sex Crimes
අනංගයෝ?
පාර්ලිමේන්තුවේ සේවය කරන සේවිකාවන්ට - විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඒකකයේ සේවිකාවන්ට- නිතර නිතර සිදුවන බවට පැවසෙන ලිංගික හිරිහැර පිළිබඳව මාධ්‍ය වලින් වාර්තා වූ බව පවසමින්, ඒ පිළිබඳව සොයා බලන ලෙසට මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා සිටි බව ලංකාදීප සහ මව්බිම පුවත්පත් (ජන. 08,...
දූෂණය වෙනුවට ලිංගික අපරාධය/ලිංගික අපයෝජනය
ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය බොහෝවිට යොදා ගන්නා "දූෂණය" යන යෙදුමෙහි ඇති ගැටලුව අපි මින් පෙරද සාකච්ඡා කර ඇත්තෙමු. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, "දූෂණය" යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී,...
ලිංගික අතවරයක් වාර්තා කර ඇති අයුරු බලන්න
පුත්තලම නොරොච්චෝල පොලිසියේ කාන්තා පොලිස් බැරැක්කය තුළ දී කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට ගිය බව කියවෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනුණු සිදුවීම, සිංහල භාෂා පුවත් වාර්තාවන් කිහිපයක් (ජන. 03, 2025) තුළ පහත ආකාරයට ආවරණය වී තිබිණි. * ලංකාදීප සහ...
එකම පුවතක්, වාර්තාකරණයන් දෙකක්
එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. පුවත්පත:...
ලිංගික අතවර හා කාටූන
පුත්තලම නොරොච්චෝල පොලිසියේ කාන්තා පොලිස් බැරැක්කය තුළ දී කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට ගිය බව කියවෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනුණු සිදුවීම, සිංහල භාෂා පුවත් වාර්තාවන් කිහිපයක් (ජන. 03, 2025) තුළ පහත ආකාරයට ආවරණය වී තිබිණි. * ලංකාදීප සහ...
මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?
ලිංගික අපරාධ, විශේෂයෙන්ම බාලවයස් ලිංගික අපයෝජනයන් පිළිබඳව වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් “වින කිරීමක්”, “හදි කිරීමක්” වැනි යෙදුම් භාවිතා කරන බව අපට නිරීක්ෂණය කළ හැක.
ඒ ඔස්සේ බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සන්නිවේදනය වන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවන්නේදැයි එසේම අප ඇසිය යුතුයි.
ඒ අනුව, මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?
ලිංගික අපරාධයන් සුළු කොට නොදක්වමු!
13 හැවිරිදි පාසල් සිසුවියක “ලිංගික අතවරයකට” ලක් කිරීම සම්බන්ධයෙන්, ඇය ඉගෙනුම ලබන විදුහලේම නියෝජ්‍ය විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගත් සිදුවීම දිනමිණ පුවත්පත (සැප්තැම්බර් 06, 2023) මෙසේ වාර්තා කර තිබිණි.








