* නැවත කම්පනයට පත්වීම: ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ සැකකරු විසින් සිදු කළ ක්‍රියා විස්තරාත්මකව වාර්තා කිරීම හේතුවෙන්, අතවරයට මුහුණ දුන් පුද්ගලයන්ට නැවත වරක් කම්පනකාරී අත්දැකීම් (re-traumatiation) ඇති විය හැක. * අපරාධ සාමාන්‍යකරණය වීම: අතවරය සිදු වූ ආකාරය පිළිබඳ සංවේදී සහ...
Reporting on Sex Crimes
බාල වයස් ලිංගික අපයෝජනයන් වගකීම් සහගතව වාර්තා කරමු!
සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු
ලිංගික අපරාධ පිළිබඳව වගකීම් සහගතව වාර්තා කරමු.
දූෂණය ? අතවරය ද?
2026.07.13 වන දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. “දූෂණය" යන්න භාවිතා කිරීම තුලින් සිදු වන්නේ ලිංගික අපරාධයට මුහුණ දුන් පුද්ගලයා ‘’කිලිටි’’ හෝ “අපවිත්‍ර’’ වූ බවට වැරදි අදහසක් ලබා දෙයි. මෙමඟින් ලිංගික අපරාධයකට මුහුණ දුන් පුද්ගලයන්ට සමාජයෙන් එල්ලවන ගැරහුම් සහ කොන්කිරීම්...
ඔබ තෝරා ගන්නේ කුමක්ද?
එකම දිනක පළ වූ ප්‍රවෘත්ති දෙකක් විමසා බලමු. දිනමිණ පුවත්පත: "පෙම්වතා සමඟ කල්පිටිය හොටලයේ සාදයකට එක්වූ සුදු නෝනාට අතවර කරලා" අරුණ පුවත්පත: "ස්පාඤ්ඤ තරුණියට අතවර කරන්න හැදූ 3ක් මාට්ටු" අපරාධයට මුහුණ දුන් පුද්ගලයා “සුදු නෝනා" යනුවෙන් හැඳින්වූ විට, ප්‍රවෘත්තියේ සම්පූර්ණ...
ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye අපි මින් පෙර ද ප්‍රශ්න කර ඇත්තෙමු.
එයට හේතු වන්නේ, "දූෂණය" හෝ "කෙලෙසීම" යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන්...
ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි.
නිදසුනක් ලෙසට, විදේශීය කතකට සිදු වූ ලිංගික අතවර සිදුවීම දිණමින සහ අරුණ පුවත්පත් (සැප්තැම්බර් 16, 2025) වාර්තා කර ඇති අන්දම සලකා බැලිය හැක. ඔබ සිතන ලෙසට, 1) ලිංගික අපයෝජනයක් "අමුතු වැඩක් හෝ කැත වැඩක්" ලෙසින් සිරස්තල තුළ දැක්වීම, එම වරද සැහැල්ලු කොට වාර්තා කිරීමක්...
Ethics Eye නිතර මතු කරන ගැටලුවක් වන්නේ ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, බොහෝවිට සිරස්තල තුළ ඒ සම්බන්ධයෙන් හැඳින්වීමට යොදා ගන්නා භාෂා භාවිතය අනුව, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට නොදැක්වෙන්නේද යන්නයි.
පුවතක් සන්නිවේදනය කිරීමේ දී එහි සිරස්තලයේ ඇති වැදගත්කම සලකා බලන විට, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට දක්වන සිරස්තල යොදා ගැනීම, එවැනි අපරාධ සම්බන්ධයෙන් සැහැල්ලු ආකල්පයක් සමාජගත වීම සඳහා හේතු වීමේ අවදානමක් නොමැතිදැයි පාඨක අප එසේම ප්‍රශ්න කළ යුතු වේ....
ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye මින් පෙර ද ප්‍රශ්න කර ඇත්තෙමු. අප එසේ ඇසීමට හේතුව වන්නේ, “කෙලෙසීම” යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන් තවදුරටත් සමාජය තුළ කොන් වීමේ අවදානමක් නැති දැයි අප ප්‍රශ්න කළ යුතු වේ.
පාසල් වෑන් රථයජ තුළ මීට වසර 11කට පෙර නව හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ පුවත 2025.09.19 දින දිවයින,මව්බිම සහ දිනමිණ පුවත් වාර්තාවන් තුළ දැක්වුණු ආකාරය මෙහිදී අපට සලකා බැලිය හැක. * දිවයින- "පාසල් වෑන් රථයේදිම නව හැවිරිදි සිසුවිය...









