ලිංගික අපයෝජන හෝ අතවර වැනි සංවේදී අපරාධ සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් එම අපරාධවල නිසි බරපතලභාවය සමාජයට නිවැරදිව සන්නිවේදනය කිරීමට සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය නොවේද?
උදාහරණයක් ලෙස, ඉහත පුවත් සිරස්තල තුළින් (“නොහොබිනා වැඩ කළ අයෙක් අල්ලන්න හොයයි” හෝ “අතපත ගෑවැයි”) එම අපරාධවල සැබෑ බරපතලභාවය පාඨකයාට නිසි ලෙස දැනේවිද?
අන්තර්ගතය තුළ “ලිංගික අතවර” ලෙස පැහැදිලිව සඳහන් වන බැවින්, සිරස්තල සකස් කිරීමේදීද එම බරපතල වචන භාවිත කිරීම වඩාත් වගකීමෙන් යුත් මාධ්‍ය භාවිතාවක් නොවන්නේද?


0 Comments