Ethics Eye

තරුණියක් අපයෝජනය කළැයි මාලිමා මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්

2026, ඔක්තෝබර් 22 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.
(YouTube වෙත එක් කොට ඇති 2026, ඔක්තෝබර් 22 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

“දූෂණය,කෙළෙසූ” වැනි යෙදුම් භාවිතා කිරීම තුළින් ලිංගික අපරාධයට මුහුණ දුන් පුද්ගලයා ‘’කිලිටි’’ හෝ “අපවිත්‍ර’’ වූ බවට වැරදි අදහසක් ලබා දෙයි. මෙමඟින් ලිංගික අපරාධයකට මුහුණ දුන් පුද්ගලයන්ට සමාජයෙන් එල්ලවන ගැරහුම් සහ කොන්කිරීම් තව තවත් උග්‍ර විය හැකිය.

එබැවින්, මාධ්‍ය වාර්තාකරණයේදී “දූෂණය, කෙළෙසූ” වෙනුවට “ලිංගික අතවරය” හෝ “ලිංගික අපයෝජනය” වැනි නිවැරදි යෙදුම් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.

ලිංගික අපරාධ වගකීමෙන් වාර්තා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This