Ethics Eye

වඩාත් සුදුසු සිරස්තලය වන්නේ?


ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ගිය ස්වීඩන් ජාතික කාන්තාවකට, එහි විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ ලිංගික අතවරයක් පිළිබඳ පුවත 2026 ජනවාරි 20 සහ 21 දිනවල පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණේ මෙලෙසිනි:

දිනමිණ (2026.01.21):

”ඉළඇට ආබාධයට ප්‍රතිකාර ගන්න ගිය ස්වීඩන් කතට විශේෂඥ වෛද්‍යවරයෙක් අතවර කරලා”

ලංකාදීප (2026.01.20):

”ඉළ ඇටවල රෝගයකට වෙන තැනක් ස්කෑන් කරලා – සුදු කතක් පොලීසි යයි”

සිරස්තල විමසුම

මෙම වාර්තාකරණය සම්බන්ව ගැටලු කිහිපයක් පැනනගී:

*සුදු කත: ලංකාදීප පුවත්පත අදාළ විදේශික කාන්තාව ඇය “සුදු කත” ලෙස හැඳින්වීම මඟින් ඇයගේ සමේ වර්ණය පදනම් කරගත් වර්ගීකරණයකට ලක් කර ඇත. මේ හරහා පාඨකයාගේ අවධානය අපරාධයේ බරපතලකමෙන් බැහැර කර, සිදුවීමට මුහුණ දුන අයගේ රූපය හෝ සමේ වර්ණය වෙත යොමු කරවයි.

ඇයව “ස්වීඩන් ජාතික කාන්තාව” හෝ “විදෙස් කාන්තාව” ලෙස හැඳින්වීම වඩාත් ගෞරවනීය සහ නිවැරදි වේ.

*අතවරය සැහැල්ලු කිරීම: සිදුව ඇති බරපතල ලිංගික අතවරය “වෙන තැනක් ස්කෑන් කරලා” යනුවෙන් ව්‍යංගාර්ථවත් සහ සැහැල්ලු බසින් හැඳින්වීම හරහා ලිංගික අපරාධයක බරපතලකම හීන විය හැක. එය පාඨකයා තුළ හාස්‍යයක් හෝ කුතුහලයක් ඇති කල හැක. මේ තුලින් එය හාවාතිශමය (sensational) වාර්තාකරණයක් බවට පත් කරයි.

*නිවැරදි වාර්තාකරණය: ඊට සාපේක්ෂව දිනමිණ පුවත්පත ඇයගේ ජාතිකත්වය (“ස්වීඩන් කත”) සහ සිදුවූ අපරාධය (“අතවර කිරීමක්”) ඍජුව සහ නිවැරදිව වාර්තා කිරීමට කටයුතු කර ඇත.

අපගේ අවධානයට…

ලිංගික අපරාධ සහ අතවරයන් පිළිබඳ මෙවැනි වගකීම් විරහිත වාර්තාකරණයන් හරහා සමාජය තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වීමට (Normalisation) ඉඩකඩ පවතී. මාධ්‍යයක වගකීම විය යුත්තේ මෙවැනි සිදුවීමකට මුහුණ දුන් අයගේ ගෞරවය ආරක්ෂා කරමින් අපරාධයේ බරපතලකම සමාජයට ඒත්තු ගැන්වීමයි.

වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This