Ethics Eye

“මෙහෙකාරිය”?


*සිදුවීම කෙටියෙන්:

ව්‍යාපාරිකයෙක්, තම දරුවන් බලාගැනීමට සිටි සේවිකාව සෙසු සේවකයින් ඉදිරියේ නිරුවත් කොට, වීඩියෝ කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් 2026 ජනවාරි 16 වන දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

*ගැටලුව:

ඉහත සිදුවීම වාර්තා කිරීමේදී 2026 ජනවාරි 20 වන දින මව්බිම පුවත්පතේ මුල් පිටුවේ අදාළ සේවිකාව හැඳින්වීමට “මෙහෙකාරිය” යන්න භාවිතා කර තිබීම.

*මෙවැනි වාර්තාකරණයක් මගින් සිදුවන හානිය:

වාර්තාකරණයේද”මෙහෙකාරිය” යනුවෙන් භාවිතය මගින් ගෘහ සේවයේ නියුතු පුද්ගලයින් සමාජයේ පහළ ස්ථරයකට අයත්, අයිතිවාසිකම් අඩු පිරිසක් ලෙස ඒකාකෘතිගත කිරීමක් සිදු විය හැක. “මෙහෙකාරිය” යන යෙදුම මගින් ජනිත වන සමාජීය අපකීර්තිය අවම කරමින්, එම ක්ෂේත්‍රය වඩාත් ගෞරවනීය හා වෘත්තීයමය මට්ටමකට ප්‍රමිතිගත කිරීම සඳහා “ගෘහ සේවිකාව” යන යෙදුම භාවිතයට ගැනීම කාලෝචිත අවශ්‍යතාවකි.

*නිවැරදි වාර්තාකරණය:

මව්බිම පුවත්පතේම මෙම පුවත විස්තර කරන දෙවන පිටුව තුළ “දරුවන් බලාගත් සේවිකාව” සහ “දරුවන් බලාගත් තැනැත්තිය” යන ගෞරවනීය භාෂා භාවිතයක් දක්නට ලැබේ. 2026 ජනවාරි 20 වන දිනම, මෙම පුවත වාර්තා කළ දිනමිණ පුවත්පත “සේවිකාව” යන යෙදුම් භාවිත කර තිබුණි.

“සේවිකාව” වැනි වෘත්තීයමය යෙදුම් භාවිත කිරීම පුද්ගල ගරුත්වය සුරැකීම පිළිබඳ මාධ්‍ය ආචාරධර්මීය මූලධර්මයන්ට අනුකූල වේ. මෙමගින් ගෘහ සේවය වැනි වෘත්තීන් සඳහා හිමි විය යුතු සමාජීය පිළිගැනීම තහවුරු කිරීමට ද පිටුවහලක් ලැබේ.

පුද්ගල ගරුත්වය සුරැකෙන වාර්තාකරණයක නියැලෙමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This