ගැටලුව: පුවතට අදාළ නොවන අවස්ථාවල පවා කාන්තාවන් බොහෝ විට ඔවුන්ගේ බාහිර පෙනුම, ඇඳුම් පැළඳුම් හෝ ලිංගිකත්වය ඉඟි කරන ලක්ෂණ හෝ වෙනත් ඍණාත්මක එකාකෘති කිරීම් ඉස්මතු කෙරෙන අන්දමින් විස්තර කිරීම.
බලපෑම: බාහිර පෙනුම මුල් කරගත් රාමුගත කිරීම් මඟින්, කාන්තාවන් ඇගයීමේදී විශ්වසනීයත්වය හෝ හැකියාව නොව “ආකර්ෂණීය බව” මිනුම් දණ්ඩක් ලෙස යොදා ගැනීමට පාඨකයින් හුරු කරවනු ලැබේ.
විසඳුම: එවැනි තොරතුරු පිරිමින් සම්බන්ධ වාර්තාවලට ඇතුළත් නොකරන්නේ නම් සහ, පුවතට අනවශ්‍ය නම්, කාන්තාවකගේ බාහිර පෙනුම ගැන සඳහන් නොකරන්න. විශේෂයෙන්ම අපරාධ, මරණ හෝ අනතුරු පිළිබඳ වාර්තා කිරීමේදී “රූමත්”, “සුරූපී”, “සුන්දර” හෝ “ලස්සන” වැනි විශේෂණ පද භාවිතයෙන් වළකින්න.
පුවතට අදාළ තොරතුරු පමණක් වාර්තා කරමු!


0 Comments