ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
සිදුවීම: බිබිල පොලිස් වසමට අයත් අඹගොල්ල ගෝනපුරඅරාව ගම්මානයේදී 28 වෙනිදා තිදරු මවක ඝාතනය කළ පුද්ගලයකු දිවි තොර කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.
1. දිවි තොර කර ගැනීමට තැත් කළ ආකාරය විස්තර කිරීම
දිවි තොර කර ගැනීමට උත්සාහ කළ ආකාරය පුවතේ සඳහන් කර ඇත.
මෙවැනි තොරතුරු වාර්තා කිරීමෙන් සහ එයට ප්රමුඛත්වයක් ලබා දීමෙන් අනුකාරක දිවි තොර කර ගැනීම් (Copycat suicides) සිදු වීමට අනුබලයක් ලැබිය හැක.
2. පුවත අනවශ්‍ය ලෙස සංවේදීකරණය (Sensationalising) කිරීම
පුවත වාර්තා කිරීමේදී “ලේ විලක්” යන්න රතු පැහැ පසු බිමක භාවිත කර ඇත.
එමගින් සිද්ධියට අනවශ්‍ය ප්‍රසිද්ධියක් සහ අවධානයක් ලබා දිය හැක.
3. උපකාරක අංක පළ කර නොමැති වීම
මෙම පුවත සමඟ හදිසි උපකාරක අංක පළ කර නැත.
දිවි තොර කර ගැනීමට යම් පෙළඹවීමක් ඇති අයෙකු ඉන් මුදා ගැනීමට පුවතත් සමඟ උපකාරක අංක පළ කිරීම වැදගත් වේ.
එවැනි අංකයක් සම්බන්ධ කර ගැනීමෙන් අදාළ පුද්ගලයාට මානසික සහනයක් සහ සියදිවි නසා ගැනීමේ සිතුවිලි වලින් බැහැර වීමට රුකුළක් ලැබේ
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
මූලාශ්‍ර:
https://afsp.org/ethicalreporting
https://www.ap.org/…/how-and-when-we-report-on-suicides
https://www.rtdna.org/reporting-on-suicide
https://iris.who.int/…/10665/372691/9789240076846-eng.pdf
https://media.samaritans.org/…/Guidance_on_reporting…


0 Comments