දිවි තොර කරගැනීම සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
සිදුවීම කෙටියෙන්:
2026 පෙබරවාරි 8 වන දින වැලිපැන්න ප්‍රදේශයේ සිසුවෙක් දිවි තොර කරගැනීම හා පසුව සිදු කරන ලද හදිසි මරණ පරීක්ෂණය සම්බන්ධ පුවතකි.
දිවි තොර කරගැනීම් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පවතින අතර, අදාළ පුවත් වාර්තා එම ප්රමිතීන් සමඟ සැසඳීමේදී මතු වන ප්‍රධාන ගැටලු කිහිපයක් පහත දැක්වේ.
1. සිරස්තලය සංවේදීකරණය කිරීම.
අරුණ සහ දිවයින පුවත්පත් පිළිවෙලින් භාවිතා කර ඇති “අවසන් ලිපිය ලියා… දිවියට සමුදෙයි” , “දෙමාපිය අවවාදය නොරිස්සු හොරවල සිසුවා..” වැනි සිරස්තල මෙන්ම ලියා ඇති ලිපියේ කොටස් පළ කිරීම තුලින් ද සමාජය තුළ අනුකාරක හැසිරීම් (Copycat Behaviour) ඇති වීමේ අවදානමක් පවතී.
2. මරණයට බලපෑ හේතු සරල ලෙස අර්ථකථනය කිරීම.
දිවි තොර කරගැනීම යනු විවිධ සාධක ගණනාවක සංකීර්ණ ප්රතිඵලයකි. එබැවින්, සිසුවා ලියා ඇති බවට සැලකෙන ලිපියක් හෝ දෙමාපිය අවවාද නොරිස්සීම පදනම් කරගනිමින් මෙම මරණය එක් හේතුවකට පමණක් ලඝු කිරීම (simplification) ගැටලුකාරී විය හැක.
3. උපකාරක සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් නොකිරීම.
මෙවැනි පුවත් වාර්තා කිරීමේදී පවතින ප්‍රධානතම සමාජීය වගකීමක් වන්නේ මානසික පීඩනයෙන් පෙළෙන අයෙකුට සහාය ලබාගත හැකි උපකාරක සේවා (Helplines) පිළිබඳ තොරතුරු සැපයීමයි. ඒ තුලින් ජීවිතයක් අනතුරේ වැටීම වළකා ගැනීමට හැකි වනු ඇත.
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී වඩාත් වගකීම් සහගත වෙමු!
හදිසි උපකාරක අංක:
* CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments