Ethics Eye

මෙම වාර්තාකරණය ඔබ අනුමත කරනවාද?

2026 පෙබරවාරි 13 වන දින අරුණ පුවත් පතේ වාර්තාවක් ඇසුරෙනි.

සිදුවීම කෙටියෙන්:

දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වී, වැල්ලවත්ත වෙරළ තීරය අසල අවදානම් තත්ත්වයක සිටි සිසුවියක්, වැල්ලවත්ත පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන, පසුව දෙමව්පියන්ට භාරදුන් පුවතකි.

මෙම වාර්තාව පිරික්සීමේදී ගැටලු කිහිපයක් මතුවේ.

1. දිවි තොර කරගැනීමට තැත් කල ක්‍රමය විස්තර කිරීම/ සිරස්තලයේ ඇතුලත් කිරීම.

දිවි තොර කරගැනීමක් හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමක් වාර්තා කිරීමේදී, එම ක්‍රියාව සඳහා යොදා ගත් හෝ යොදා ගැනීමට තැත් කළ ක්‍රමය පල කිරීම තුලින් සමාජය තුළ අනුකාරක හැසිරීම (Copycat Behaviour) ඇතිවීමේ අවදානමක් පවතී.

2. දිවි තොර කරගැනීමට තැත් කිරීමට හේතුව සරල කිරීම.

දිවි තොර කරගනිමක් හෝ තැත් කිරීමක් වෙත යමෙක් යොමු වන්නේ “කොරියන් විෂයට ලකුණු අඩු වීම” වැනි එක හේතුවක් පාදක කරගෙන නොවිය හැක. එවන් තීරණයක් බොහෝ විට සංකීර්ණ සාධක සමූහයක ප්‍රතිඵලයක් වේ. එබැවින් දිවි තොර කරගැනිමක් හෝ තැත් කිරීමක් එක හේතුවකට ලඝු කිරීම (simplification) ගැටලුකාරී විය හැක.

3. උපකාරක සේවා පිළිඹඳ තොරතුරු ඇතුළත් නොකිරීම.

මෙවැනි පුවත් වාර්තා කිරීමේදී පවතින ප්‍රධානතම සමාජීය වගකීමක් වන්නේ මානසික පීඩනයෙන් පෙළෙන අයෙකුට සහාය ලබාගත හැකි උපකාරක සේවා (Helplines) පිළිබඳ තොරතුරු සැපයීමයි. ඒ තුලින් ජීවිතයක් අනතුරේ වැටීම වළකා ගැනීමට හැකි වනු ඇත.

දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී වඩාත් වගකීම් සහගත වෙමු!

හදිසි උපකාරක අංක:
* CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක) 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This