Ethics Eye

සිරස්තලයේ – ආබාධිතයන්, අන්තර්ගතයේ – ආබාධ සහිත පුද්ගලයන්

පුවත්පත – දිනමිණ (ජූනි. 13, 2025)

සිරස්තලය – “ආබාධිතයන්ගේ අයිතිවාසිකම් සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට”

අන්තර්ගතය – “ආබාධ සහිත පුද්ගලයන්ගේ” ලෙසින් අන්තර්ගතය තුළ සඳහන්ව ඇත.

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි.

එයින් එකක් වන්නේ, පුද්ගලයා “ආබාධිත පුද්ගලයෙකු (A disabled person)” ලෙසින් නොව,”ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)” ලෙසින් හැඳින්වීමයි.

පුද්ගල ප්‍රථම භාෂාව හෙවත් person first langauge යනු?

මෙහි අදහස වන්නේ පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, එම පුද්ගලයාගේ ආබාධ සහිත බව දෙවන තැන ගන්නා බවත් වේ. ඒ ඔස්සේ, කෙනෙකුගේ ආබාධය ඔවුන්ගේ ශරීරයේ ඇති යම් තත්ත්වයක් විනා එම ආබාධය ඔවුන්ගේ එකම අනන්‍යතාවය ලෙස නොදැක්වේ..

ඒ අනුව,

1. මෙම පුවතේ අන්තර්ගතය තුළ “ආබාධ සහිත පුද්ගලයන්” ලෙසින් යොදා තිබියදී, සිරස්තලය තුළ “ආබාධිතයන්” ලෙසින් යෙදී ඇත්තේ මන්ද?
2. “ආබාධිතයන්” ලෙසින් හැඳින්වීමට වඩා “ආබාධ සහිත පුද්ගලයන්” ලෙසින් හැඳින්වීම වඩාත් උචිත නොවන්නේද?

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This