දස දෙනෙකුද? කාන්තාවන් තිදෙනෙකුද?
2011 වර්ෂයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2025.11.24 වන දින ඇඹිලිපිටිය මහාධිකරණය විසින් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවත රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයන්ගේ සිරස්තල ඔස්සේ පහත පරිදි වාර්තා කරයි.
1) එකම සිදුවීමක් සඳහා දස දෙනෙකු වරදකරුවන් වී තිබෙන පසුබිමක, එම වැරදිකරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට අදාළ වන්නේ කෙසේ ද?
2) ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට අදාළ නොවන්නේ නම්, එක් රූපවාහිනි නාලිකාවක් කාන්තාවන් පමණක් ඉස්මතු කොට දැක්වීමේ පදනම කුමක්ද?
මෙම පුවතේ වැදගත් කරුණ වන්නේ
*මනුෂ්‍ය ඝාතනයකට දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම වීම නම්,
*නීතිය ඉදිරියේ උක්ත වරදට ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනසක් නොමැති නම්,
වරදකරුවන් වූ පිරිස අතර කාන්තාවන් සිටී යන්න පුවතේ සිරස්තල තුල ඉස්මතු කරන්නේ ඇයි?
(YouTube වෙත එක් කොට ඇති නොවැ. 24, 2025 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments