දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු
පසු ගිය දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි .
එවන් පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.
*දිවි තොර කර ගැනීමට හේතුව සරල කොට නොදැක්විය යුත්තේ ඇයි?
දිවි නසා ගැනීම වැනි බරපතල තීරණ ගැනීමට යොමු වන්නේ සංකීර්ණ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස විය හැක. එවැනි පසුතලයකදී මරණයට හේතුව සුළු කොට නොදැක්විය යුතුය.
*දිවි තොර කර ගත් අයගේ ඡායාරූප පළ නොකර යුත්තේ ඇයි?
ඔවුන්ගේ ඡායාරූප පළ කිරීම ඔවුන්ගේ ගෞරවයට හානිකර විය හැක. එමෙන්ම, පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක් ඇති කල හැක.
*දිවි තොරකරගත් ආකාරය දීර්ඝ ලෙස විස්තර නොකල යුත්තේ ඇයි?
සියදිවි නසාගැනීම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු දැක්වීමෙන් දිවි තොර කර ගැනීමට නැඹුරුතාවයක් ඇති පුද්ගලයන් එය අනුකරණය කිරීමට පෙළඹිය හැක.
*දිවි තොරකරගත් පුවත්වලදී උපකාරක අංක පළ කල යුත්තේ ඇයි?
මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම, සියදිවි නසාගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට මහඟු උපකාරයක් විය හැකිය.
ආචාරධාර්මික වාර්තාකරණයකදී,
සෑම විටකම මෙවැනි පුවත් සංවේදීව හා ප්‍රවේශමෙන් වාර්තා කිරීමෙන් ආචාරශීලී මාධ්‍යකරණයේ නියැළීම ඉතා වැදගත් වේ.
එබැවින්,
කම්පනය ඇති කිරීමෙන් වළකින්න: දිවි ගලවාගත් පුද්ගලයන් නැවත කම්පනයට පත් කිරීමෙන් වළකින්න.
අවසරය ලබා ගන්න: පවුලේ අවසරයකින් තොරව ඡායාරූප කිසිවිටෙක පළ නොකරන්න.
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:

CCC line – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ශාන්ති මාර්ගම් – 0717639898

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments