Ethics Eye TV Coverage

සැමවිමට උපකාරක අංක පළ කරමු!

2025, ඔක්තෝම්බර් 29 දින රැදවියකුගේ දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් ස්වර්ණවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි.

මෙම වාර්තාකරණය,

*හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.

මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි?

එමඟින් දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට මහඟු උපකාරයක් විය හැකි බැවිනි.

මෙවැනි පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.

සෑම විටකම මෙවැනි පුවත් වාර්තා කිරීමේදී ආචාරශීලී මාධ්‍යකරණයේ නියැළීම ඉතා වැදගත් වේ.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

CCC line – 1333
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
ශාන්ති මාර්ගම් – 0717639898
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

(YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 29, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This