දිවි තොර කර ගත් ආකාරය වාර්තා කිරීම සුදුසු ද?
මෙම සතිය තුළ, අරුණ (28.10.2025) සහ ලංකාදීප (29.10.2025) පුවත්පත්වල ඝාතන-දිවි තොර කර ගැනීමක් සහ දිවි තොර කර ගැනීමක් යැයි සැක කෙරෙන පුවත් දෙකක් වාර්තා කර තිබූ ආකාරය පහතින් දැක්වේ.
මෙම පුවත් දෙකෙහිම, දිවි තොර කරගැනීමේ සහ දිවි තොර කර ගත්තා යැයි සැක කරන ක්‍රමයද වාර්තා කර ඇත. සියදිවි නසාගැනීමක් වාර්තා කිරීමේදී, එය සිදු කළ ක්‍රමය සවිස්තරාත්මකව ප්‍රකාශයට පත් කිරීම නොකළ යුත්තකි. ඒ හරහා, සියදිවි නසාගැනීමකට පෙළඹවීමක් ඇති පුද්ගලයෙකුට එය අනුකරණය කිරීමට පෙළඹිීමක් ඇති කල හැක.
එසේම, මෙම පුවත් දෙකේම උපකාරක අංක පළ නොකිරීමද නිරීක්ෂණය කළ හැක. දිවි තොර කර ගැනීම් පිළිබඳ වාර්තා කිරීමේදී, උපකාරක අංක පළ කිරීම ඉතා අත්‍යවශ්‍ය වේ. ඒ ඔස්සේ දිවි තොර කර ගැනීමට පෙළඹීමක් ඇති පුද්ගලයෙකුට එම උපකාරක අංක රුකුලක් විය හැක.
උපකාරක අංකයක් පළ කරමු! ජීවිතයක් රැක ගනිමු!


0 Comments