පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා බොහෝ විට මතු කර ඇත්තෙමු.
පහත දැක්වෙන්නේ 2025.09.22(සඳුදා) සහ 2025.09.23(අඟහරුවාදා) යන දිනයන්හි අරුණ,දිනමිණ,මව්බිම යන පුවත් පුද්ගල ප්‍රථම භාෂාව භාවිතා කළ ආකාරය දැක්වෙන පුවත් සිරස්තලයන් සහ අන්තර්ගතයන් ය.
අරුණ-(2025.09.22)
*සිරස්තලය – “ආබාධිත දරුවන් තිදෙනෙකුට අතවර කළැයි අනුරපුර රියැන්සි අලගියවන්න පාසලේ භාණ්ඩාගාරික 29 දක්වා රිමාන්ඩ්”
මෙහි අන්තර්ගතය තුළ කථන සහ ශ්‍රවණ ආබාධ සහිත ලෙස දක්වමින් පුද්ගල ප්‍රථම භාෂාව නිවැරදිව භාවිතා කොට ඇත.
දිනමිණ-(2025.09.23)
*සිරස්තලය – “පාසල් භාණ්ඩාගාරික ශ්‍රවණාබාධිත දරුවන් තිදෙනකු අපයෝජනය කරලා”
මෙහි ද අන්තර්ගතය තුළ කථන සහ ශ්‍රවණ ආබාධ සහිත ලෙස දක්වමින් පුද්ගල ප්‍රථම භාෂාව නිවැරදිව භාවිතා කොට ඇත.
මව්බිම-(2025.09.23)
*සිරස්තලය-“සියලුම දුම්රිය ස්ථානවලදී ආබාධිතයන් වෙනුවෙන් ප්‍රවේශ පහසුකම් සලසනවා”
මෙහි අන්තර්ගතය තුළ අන්ධ ආබාධිතයකු ලෙස ලෙස දක්වමින් යෝග්‍ය නොවන භාෂාවක් භාවිතා කොට ඇත.
ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ ඔවුන් හැඳින්වීමයි.
එනම් පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, ඔහුගේ ආබාධ දෙවන තැන ගන්නා බවත්ය. මේ ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආබාධ සහිතව ජීවත් වන අයව කොන් කිරීම වැළැක්වීමයි.
ඉහත සිරස්තල සහිත පුවත් වාර්තාකරණයන් තුනෙහිම අන්තර්ගතය තුළ “ආබාධ සහිත පුද්ගලයන්” ලෙසින් නිවැරදිව යොදා ඇත.ඒ අනුව පුවත් සිරස්තල තුලද ඒ ආකාරයෙන් නිවැරදි පුද්ගල-ප්‍රථම භාෂාවක් යොදා ගත්තානම් වඩාත් යෝග්‍ය නොවන්නේද?
ඊට අමතරව “අන්ධ ආබාධිත” වෙනුවට දෘෂ්‍ය ආබාධ සහිත යන්න යෙදුවේ නම එය වඩාත් සුදුසු නොවන්නේද?
ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!


0 Comments