ලේබල් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලු දෙකකි:
1. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය: යම් පුද්ගලයෙකු අධිකරණය මඟින් වරදකරුවෙකු ලෙස තීරණය කරන තෙක් “නිර්දෝෂී” යන නීතිමය මූලධර්මය අපරාධ පිළිබඳ වාර්තා කිරීමේදී වැදගත් වේ. යම් සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ සිදුවූ බව කියන ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් මාධ්‍ය විසින්ම පූර්ව විනිශ්චයක් ලබා දීමයි.
2. ඍණාත්මකව ලේබල් කිරීම: “කුඩ්ඩා”, “මත්කුඩු ලෝලියා” වැනි වදන් යොදාගනිමින් මාධ්‍ය විසින් පුද්ගලයන්ව ඍණාත්මකව ලේබල් කිරීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තවදුරටත් සමාජයෙන් කොන්වීමේ සහ අපකීර්තියට පත්වීමේ අවදානමක් පවතී. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කොට ගෙන සිදුවන, පුනරුත්ථාපනයෙන් සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදෙක් “ලොල් වීමක්” නොවේ.
ලේබල් කිරීමෙන් වැළකී සිටිමු!


0 Comments