Ethics Eye

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැකකෙරෙන අයෙකු විසින් සිය මව්පියන් ඝාතනය කළා යනුවෙන් වාර්තා විණි. පුවතට අදාළ කරුණු පමණක් වාර්තා කරනවා වෙනුවට, අදාළ සැකකරු “අජාසත්” කෙනෙකු, “කුඩ්ඩෙකු” සහ “අසමජ්ජාතියෙකු” ලෙස විස්තර කිරීම තුළින් සිදුවිය හැකි හානිය කුමක්ද?

පූර්ව විනිශ්චය: නීතියෙන් වැරදිකරු බව තහවුරු වීමට පෙර, මාධ්‍ය විසින්ම සැකකරුවා “අජාසත්” හෝ නරක චරිතයක් ලෙස සමාජගත කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයක් ලැබීමේ අවස්ථාවට බලපෑමක් ඇති කළ හැක.

සමාජ කොන් කිරීම: “කුඩ්ඩෙකු” වැනි භාවිත මඟින් සමාජය තුළ ඔහු පිළිබඳ ඇති කරන්නේ වෛරයක් සහ ගර්හාවක් මිස, සිද්ධිය පිටුපස ඇති සංකීර්ණ සමාජ ගැටලු පිළිබඳ විමර්ශනාත්මක අවධානයක් නොවිය හැක.

විනිශ්චය කිරීම් වෙනුවට, වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This