Ethics Eye

ගුරා ද? ගුරුවරයා ද?

පුවත් වාර්තාකරණයේදී වඩාත් යෝග්‍ය වන්නේ එම පුවතට අදාළ කරුණු ඉදිරිපත් කිරීමයි. එම ඉදිරිපත් කිරීමේදී පූර්ව විනිශ්චයකින් තොරව එය සිදු කිරීම වඩාත් වැදගත් වේ. පූර්ව නිගමන තිබේ නම්, සිද්ධියේ සියලු කරුණු පක්ෂග්‍රාහී නොවී වාර්තා කිරීමට අපහසු වන අතර ඒ මඟින් පක්ෂග්‍රාහී වාර්තාකරණයකට මඟ පෑදිය හැක.

ඒ අනුව මෙම පුද්ගලයා “ගුරා” ලෙස හැඳින්වීම ඔස්සේ , සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ඇති විය හැක.එබැවින් අදාළ සැකකරු හැඳින්වීම සඳහා සිරස්තලය තුළ දක්වා ඇති “ගුරා” යන්න වෙනුවට, අන්තර්ගතයේ ඇති “ගුරුවරයා” යන්න වඩාත් උචිත නොවන්නේද? 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This