මෙම සිරස්තල තුලින් අපරාධයට ලක්වූ දැරියව විනිශ්චයකට ලක් කරන්නේද?
“ගැබ්ගැන්වීම” යන වචනය කැමැත්තෙන් සිදුවූ ක්‍රියාවක් ලෙස වැරදි අර්ථකථනයක් ලබා දිය හැකියි. 14 හැවිරිදි දැරියකට මෙවැනි දෙයක් සිදුවූ විට, එය ලිංගික අපරාධයක් මිස, ඇයගේ කැමැත්තෙන් සිදුවූවක් නොවේ. එසේ තිබියදී “ගැබ්ගැන්වීම” ලෙස වාර්තා කිරීමෙන්, සිදුවීමට දැරියගේ යම් සම්බන්ධයක් හෝ වගකීමක් තිබුණාද යනුවෙන් සමාජයට වැරදි ආකල්පයක් ඇති නොවන්නේද? මෙය දැරියට සිදුවූ අපරාධය සම්බන්ධයෙන් ඇයව විනිශ්චයකට ලක් කිරීමක් නොවන්නේද?
වගකිවයුතු වාර්තාකරණයේදී භාෂාවේ භූමිකාව කුමක්ද?
මාධ්‍ය වාර්තාකරණයේදී භාෂාව භාවිතය අතිශය සංවේදී විය යුතු අතර, විශේෂයෙන් ලිංගික අපරාධ වැනි සිදුවීම් වාර්තා කිරීමේදී එය අත්‍යවශ්‍ය වේ. නිවැරදි, ගෞරවාන්විත සහ අපක්ෂපාතී භාෂාවක් භාවිත කිරීම මාධ්‍ය ආචාරධර්මවලට අනුකූල වේ.
“ගැබ්ගැන්වීම” වෙනුවට ලිංගික අපරාධයකට ලක්වූවා යන්න සඳහන් කිරීම තුලින්, සිද්ධියේ සත්‍ය ස්වභාවය පාඨකයාට අවබෝධ වනවා පමණක් නොව, වින්දිතයාට සිදුවූ අසාධාරණය නිසි ලෙස සන්නිවේදනය නොවන්නේද?


0 Comments