Ethics Eye

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

ජනවාරි 19, 2025 දින පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ දී දිවි තොර කර ගැනීමට ඇති යැයි සැක කෙරෙන තරුණ යුවලකගේ සිරුරු සොයාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කොට ති

මෙම පුවත වාර්තා කරන රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍ය තුළ, දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, සමාරිටන්ස් ඇතුළු ආයතන හඳුන්වා දී ඇති මාධ්‍ය මාර්ගෝපදේශයන් කඩ වී ඇති අයුර පහත පරිදි පෙන්වා දිය හැක.

දිවි තොර කර ගැනීමක් බවට සැකයක් තිබෙන, නමුත් ස්ථිරව තහවුරු වී නොමැති මරණයක් පිළිබඳව වාර්තා කරන විට දී වුවද, වගකීම් සහගත වන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය මාර්ගෝපදේශය උපදෙස් දෙයි. ඒ අනුව ගත් විට, මෙය වාර්තා කරන දිවයින, අරුණ, හිරු පුවත් සහ දෙරණ ප්‍රවෘත්ති තුළ එම මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී ඇත්තේ මෙලෙසිනි.

* දිවි තොර කර ගැනීමට පෙර ලියූ බවට සැලකෙන ලිපියක් පළ වී ඇත. මෙය අනුකාරක සිදුවීම් වලට මඟ පෑදීමක් විය හැකි බව මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසයි.

* දිවි තොර කර ගැනීමට හේතුව අතිසරලව දක්වා ඇත. මාර්ගෝපදේශයන් දක්වන්නේ, දිවි තොර කර ගැනීමක් පසුපස සංකීර්ණ කරුණු සමුදායක් සහ මනෝභාවයන් ඇති බවත්, එය අතිසරල කොට දැක්වීම මගින්, ඊට සමාන අත්දැකීම් ලබන දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකු අනුකාරක සිදුවීම් වෙත පෙළඹවිය හැකි බවත් වේ.

* දිවි තොර කර ගත් බවට පැවසෙන ආකාරය සඳහන් කිරීම, එම ක්‍රමය උපයෝගී කොට ගත් අනුකාරක දිවි තොර කර ගැනීම් දක්වා දිගු විය හැකියැයි මෙම මාර්ගෝපදේශයන් පෙන්වා දෙයි.

* හදිසි උපකාරක අංක සඳහන් වී නැත. හදිසි උපකාරක අංක ඔස්සේ දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇත්තෙකු වෙත උපදේශනයට යොමු වීමේ සහ සරලව කථා කිරීමේ අවකාශයක් නිර්මාණය කිරීමටත්, ඒ ඔස්සේ ජීවිතයක් බේරා ගැනීමටත් ඉඩ ප්‍රස්තාව ලැබේ.

ඒ අනුව බලන විට, පන්නල රක්ෂිතයේ සිදුවූවා විය හැකි දිවි තොර කර ගැනීම මෙම මාධ්‍ය කෙතරම් වගකීමකින් යුතුව ආවරණය කර ඇතැයි ඔබ සිතන්නේ ද?

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898

මූලාශ්‍ර:
https://iris.who.int/…/10665/372691/9789240076846-eng.pdf
https://afsp.org/safereporting/
https://media.samaritans.org/…/Media_Guidelines_FINAL.pdf

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This