Ethics Eye

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

විවෘත වරෙන්තුවකට අනුව, මරදාන පොලිසිය විසින් ජනවාරි 21, 2025 දින රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක්, ජනවාරි 22, 2025 දින අළුයමදී පොලිස් අත්අඩංගුවේ සිටියදීම දිවි තොර කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී.

මෙම පුවත දිවයින සහ අරුණ පුවත්පත් (ජනවාරි 23, 2025) තුළත්, අද දෙරණ සහ සියත ටීවී රාත්‍රී පුවත් විකාශයන් (ජනවාරි 22, 2025) තුළත් ආවරණය වී තිබිණි.

කෙසේ නමුත්,

* දිවයින, මෙම දිවි තොර කර ගැනීම ප්‍රමුඛතාවයෙන් යුතුව මුල් පිටුවේම වාර්තා වී තිබුණි.
* පුවත වාර්තා කළ එක් මාධ්‍යයකවත්, හදිසි උපකාරක අංක සඳහන්ව නොතිබුණි.

දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් මගින්, දිවි තොර කර ගැනීමක් ප්‍රමුඛතාවයෙන් යුතුව වාර්තා නොකරන ලෙසින් උපදෙස් දෙන්නේ, ඒ ඔස්සේ දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අය අනුකාරක දිවි තොර කර ගැනීම් සඳහා පෙළඹීමේ ඉඩකඩ අවම කර ගැනීමටයි.

එමෙන්ම දිවි තොර කර ගැනීමක් සමඟ හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙනු ලබන්නේ, ඒ ඔස්සේ දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අය උපදේශනයට යොමු වීමට පෙළැඹවීමටත්, ඒ ඔස්සේ තවත් ජීවිතයක් බේරා ගැනීමටත් වේ.

මෙම පුවත තුළ දිවි තොර කර ගත් ආකාරය සඳහන්ව තිබුණද, මෙම සිදුවීම පොලිස් අත්අඩංගුව තුළ සිදුවී ඇති බැවින් එය මහජන ලැදියාවට අයත් වේ.

නමුත්, මෙයට වඩා වගකීම් සහගතව මෙම දිවි තොර කර ගැනීම ආවරණය කිරීමට හැකියාව නොතිබුණි ද?

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This