උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
ඝාතන-දිවි තොර කර ගැනීම් සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දුලබ සිදුවීම් ලෙස හැඳින්වේ. එසේ වුවද, මාධ්‍ය තුළත්, සමාජය තුළත්, ඝාතන දිවි තොර කර ගැනීම සඳහා සාපේක්ෂව ඉහළ අවධානයක් ලැබෙන බව නොසලකා හැරිය නොහැක.
එනිසාවෙන්ම, අනුකාරක සිදුවීම් සඳහා මග පෑදීම වැළැක්වීම උදෙසා, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී, මාධ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය වේ.
කෙසේ නමුත්, රත්නපුර ඇළපාත ප්‍රදේශයේ පුද්ගලයකු තරුණියක ඝාතනය කර ඉන්පසු දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවත සිංහල භාෂා පුවත්පත් සහ රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයන් තුළ වාර්තා කෙරී ඇති ආකාරය ගැටළුකාරී වේ.
* මෙම එකදු මාධ්‍යයක් හෝ, පුවත සමග හදිසි උපකාරක අංක සඳහන් කර නැත.
* මෙම සියලුම මාධ්‍ය, දිවි තොර කර ගැනීමට තැත් කළ ආකාරය සඳහන් කර ඇත.
* මෙම සියලුම මාධ්‍ය මෙම දිවි තොර කරගැනීමේ තැතට හේතුව අති සරලව දක්වා ඇත.
*පුවත්පත් කිහිපයක් (මුල් පිටුව තුළ) සහ එක් රූපවාහිනි නාලිකාවක් (සිරස්තල තුළ) මෙය ප්රමුඛත්වයෙන් යුතුව වාර්තාකර ඇත.
* ඇතැම් පුවත් වාර්තාවන්, මෙය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ආකාරයකින් දක්වා ඇත.
ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා සමාරිටන්ස් ඇතුළු ආයතන හඳුන්වා දී ඇති මාධ්‍ය මාර්ගෝපදේශයන් තුළ, ඉහත දක්වා ඇති උල්ලංඝනය කිරීම් වලින් වළකින ලෙස නිර්දේශ කරන්නේ, තවත් ජීවිතයක් හෝ බේරා ගැනීමට ඇති හැකියාව අරමුණු කර ගනිමිනි.
ඒ අනුව බලන විට, රත්නපුර ඇළපාත ඝාතන දිවි තොර කර ගැනීම, මෙම මාධ්‍ය කෙතරම් වගකීමකින් යුතුව වාර්තා කර තිබෙන්නේද?
හදිසි උපකාරක අංක:
* CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
මූලාශ්‍ර:
https://media.samaritans.org/…/Guidance_for_reporting…
https://www.nsrf.ie/…/Briefing-Murder-Suicide-and-Media…


0 Comments