Ethics Eye

“කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව සෘණාත්මකව ලේබල් කිරීම.

“කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව සෘණාත්මකව ලේබල් කිරීම.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද සමාජයේම කොටස් වෙයි. ඔවුන් පිළිබඳව සමාජය තුළ කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප වැඩි දියුණු කිරීමට “කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ ඔවුන්ව සෘණාත්මකව ලේබල් කිරීම හේතු නොවන්නේ ද?

read more
ඇයි “රූමත්”?

ඇයි “රූමත්”?

ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ ඡායාරූපය යොදා, ඇය ලිංගික ශ්‍රමිකයෙකු ලෙසින් හඳුන්වමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙකු අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ (අගෝ. 08, 2024) පුවත්පත් තුළ වාර්තා වී ඇති ආකාරය.

read more
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය

ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය

ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්‍රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.

ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.

read more
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝව රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද?

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝවක් ඇතැම් මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉහළ අවධානයක් දිනාගෙන තිබිණි.

මෙහිදී බොහෝ දෙනෙකු විමසා තිබුණේ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ පාපොච්චාරණයක් මෙසේ රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද යන්නයි.

read more
සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව – මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?

read more
අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

දෙස් විදෙස් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ සඳහන් කෙරෙන්නේ, පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම්, වාර්ගිකත්වයන් පිළිබඳව සඳහන් නොකරන ලෙසටයි.

අන්සතු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් දිනමිණ සහ අරුණ පුවත් වාර්තාවන් තුළින් ආවරණය වී ඇත්තේ පහත අයුරිනි.

read more
දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන්නේ ද?

දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන්නේ ද?

ජූලි 31, 2024 දින දිනමිණ, ලංකාදීප, මව්බිම, දිවයින, අරුණ සහ අද පුවත්පත් මුල් පිටු තුළ, “ජනාධිපති රනිල් තමයි” යන සිරස්තලය සමගින් වාර්තාවක් පළ වී තිබිණි.
කෙසේ වුවත්, දිනමිණ හැර අනෙකුත් සෑම පුවතකම මෙය දැන්වීමක් යැයි සඳහන් කර තිබුණි. එනමුත් දිනමිණ එය දැන්වීමක් බව කෙසේවත් සඳහන් කර නොතිබුණි.

read more