සිදුවීම: බිබිල පොලිස් වසමට අයත් අඹගොල්ල ගෝනපුරඅරාව ගම්මානයේදී 28 වෙනිදා තිදරු මවක ඝාතනය කළ පුද්ගලයකු දිවි තොර කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇත. 1. දිවි තොර කර ගැනීමට තැත් කළ ආකාරය විස්තර කිරීම දිවි තොර කර ගැනීමට උත්සාහ කළ ආකාරය පුවතේ සඳහන් කර ඇත. මෙවැනි...
Ethics Eye
හිටපු ඇමති අකිල විරාජ් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන මාධ්‍යයට අදහස් දක්වයි.
විපක්ෂයේ කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් කැඳවා, පහසුකම් නොමැතිව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම ගැටලුකාරී බව පැවසීය. එහිදී හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ, ඔවුන්ගේ සමයේ දරුවන්ට ටැබ්ස් (Tabs) ලබාදීමට උත්සාහ කළ බවත්, ඒ සඳහා අවශ්‍ය අන්තර්ගතය සකස් කර මුදල් වෙන්...
ඔබ දකින්නේ “සම්පූණ ඇත්ත” ද?නැත්නම් මාධ්‍ය පෙන්වන “රාමුව” ද?
ඔබ සිතන දේ තීරණය කරන්නේ ඔබද? මාධ්‍යයද?
කාන්තාව පමණක් සෘණාත්මක ලෙස හුවා නොදක්වමු!
-2026 ජනවාරි 26 වන දින බදුල්ල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අතරතුර, සැකකරුවන් 5 දෙනෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. -එම පුවත පිළිබඳ 2026.01.28 දින ලංකාදීප පුවත්පතේ පළ වූ සිරස්තල හරහා හඳුනාගත හැකි ප්‍රධාන ගැටලු දෙකක් මෙසේය. 01....
පිළිතුරු දීමේ අයිතිය ගැන ඔබ දන්නවාද?
ගැටලුව: මාධ්‍ය තුළ බොහෝ විට LGBTQIA+ අනන්‍යතාවය ඉස්මතු කරන්නේ අපරාධ, අනතුරු, මරණ හෝ වෙනත් සෘණාත්මක සිදුවීම් පිළිබඳ වාර්තාකරණයේදීය. එම ප්‍රජාවගේ වෘත්තීය ජයග්‍රහණ, ප්‍රජා දායකත්වයන් වැනි ධනාත්මක සන්දර්භයන්හිදී LGBTQIA+ අනන්‍යතාවය ඉස්මතු කරනු ලබන්නේ ඉතා කලාතුරකිනි.
බලපෑම: කිසියම් පුද්ගල අනන්‍යතාවක් වැරදි ක්‍රියාවන්, අපකීර්තිමත් සිද්ධි හෝ හානිකර සිදුවීම් සමඟ පමණක් නැවත නැවතත් සම්බන්ධ කර දැක්වීම හරහා, “LGBTQIA+ පුද්ගලයන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් ඇති පිරිසක්ය” යන වැරදි හැඟීම ඇති විය හැකිය. විසඳුම: පුද්ගල අනන්‍යතාව...
ගැටලුව: පුවතට අදාළ නොවන අවස්ථාවල පවා කාන්තාවන් බොහෝ විට ඔවුන්ගේ බාහිර පෙනුම, ඇඳුම් පැළඳුම් හෝ ලිංගිකත්වය ඉඟි කරන ලක්ෂණ හෝ වෙනත් ඍණාත්මක එකාකෘති කිරීම් ඉස්මතු කෙරෙන අන්දමින් විස්තර කිරීම.
බලපෑම: බාහිර පෙනුම මුල් කරගත් රාමුගත කිරීම් මඟින්, කාන්තාවන් ඇගයීමේදී විශ්වසනීයත්වය හෝ හැකියාව නොව “ආකර්ෂණීය බව” මිනුම් දණ්ඩක් ලෙස යොදා ගැනීමට පාඨකයින් හුරු කරවනු ලැබේ. විසඳුම: එවැනි තොරතුරු පිරිමින් සම්බන්ධ වාර්තාවලට ඇතුළත් නොකරන්නේ නම් සහ, පුවතට අනවශ්‍ය නම්,...
ගුරු සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසයක
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ස්ථිර ගුරුපත් වීම් ඉල්ලා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ අතර, එම අතරතුර නිලධාරිණියක් රෝහල් ගත කිරීම. මෙම පුවත 2026 ජනවාරි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි....
එක් පුවතක්, ගැටලු තුනක්.
2026 ජනවාරි 26 දින අද දෙරණ සිංහල Facebook පිටුවේ පළ වූ පුවතක පහත ගැටලු නිරීක්ෂණය වේ: දිවි තොර කරගත් ක්‍රමය වාර්තා කිරීම: දිවි තොර කරගත් ආකාරය පිළිබඳ විස්තර වාර්තා නොකරන ලෙස දක්වන්නේ, එමගින් අනුකාරක සිදුවීම් (Copycat suicides) ඇතිවීමේ අවදානමක් පවතින බැවිනි. ඡායාරූප සහ...










