අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටිය දී වෛද්‍යවරියක් බරපතළ ලිංගික අපරාධයකට මුහුණ දුන් බවට පැවසෙන සිදුවීමේ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට අදාළ වෛද්‍යවරිය නොපැමිණීම හේතුවෙන් පෙරෙට්ටුව කල් තැබීමේ පුවත, ලංකාදීප, දිවයින, මව්බිම සහ අරුණ පහත පරිදි වාර්තා කර තිබිණි....
Ethics Eye
තරුණියෝ ”රූමත්”, ”ටැටූ ගැසූ” බව අදාළ ද?
මාර්තු 23 රාත්‍රීයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පවත්වන ලද නීති විරෝධි මත්පැන් සාදයක් වටලා සැකකරුවන් හා සැකකාරියන් 58 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූයේ යැයි මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි. දිවයින (මාර්තු 25, 2025) තුළ, එම අත්අඩංගුවට පත් වූ සැකකාරියන් පිළිබඳ වාර්තා වී ඇති...
කාන්තාවන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?
දෙවිනුවර සිංහාසන පාර අසල දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවත, මව්බිම, ලංකාදීප සහ දිවයින පුවත්පත් පහත අයුරින් වාර්තා කර තිබිණි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය...
”සුදු කත” ද? ”ජර්මානු ජාතික කාන්තාව” ද?
මෑතකදී ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගත් ජර්මානු සම්භවයක් ඇති කාන්තාවක්, පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ස්වර්ණවාහිනී: “ගලේවෙල හදන්න ආ සුදු කත ප්‍රතික්‍ෂේප වෙයි.”හිරු :...
”රූමත්” අදාළ ද?
වෙන්නප්පුව ප්‍රදේශයේ ආරවුලකින් පසුව පෙම්වතා විසින් කාන්තාවක් ඝාතනය කළ පුවතක් මව්බිම (මාර්තු. 20, 2025) තුළ හැඟීම් කළඹවන සුළු (sensational) ආකාරයෙන් වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - ".....අවාසනාවන්ත ලෙස අකාලයේ මරු වැළඳගත්තේ විසි එක් හැවිරිඳි රූමත් තරුණියකි." 1) මෙම...
සිරස්තලයේ – ආබාධිතයන්, අන්තර්ගතයේ – ආබාධ සහිත පුද්ගලයන්
පුවත්පත - දිනමිණ (ජූනි. 13, 2025) සිරස්තලය - "ආබාධිතයන්ගේ අයිතිවාසිකම් සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට" අන්තර්ගතය - "ආබාධ සහිත පුද්ගලයන්ගේ" ලෙසින් අන්තර්ගතය තුළ සඳහන්ව ඇත. යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා...
පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ සංකේත වැඩ වර්ජනය.
අය වැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින්, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තිය සමිති 7 ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබිණි. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාර්තු 18, 2025...
”හදි කිරීම”, ”කෙලෙසීම” වෙනුවට ලිංගික අපරාධය?
තලංගම ප්‍රදේශයේදී කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සමූහ ලිංගික අපරාධයක් මාර්තු 16, 2025 දින හිරු රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. සිරස්තල - "තලංගමදී කතකට හදි කළ තිදෙනෙක් සොයයි" අන්තර්ගතය - "තලංගමදී කතක් කෙලෙසූ තිදෙනෙක් සොයයි" 1) සිරස්තලය තුළ...
විදුලි බිල වැඩි වීම විවිධ පාර්ශවයන්ගෙන් විරෝධය-මෙම පුවත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ
විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීම පිලිබඳ විවිධ පාර්ශවයන්ගේ විරෝධය දැක්වෙන පුවත් ජූනි 12, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
මාට්ටු මාධ්‍යට උචිත ද?
පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...










