2025 අගෝස්තු 14 දින තුල පමණක් දිනමිණ,දිවයින,අරුණ,ලංකාදීප,මව්බිම සහ අද පුවත්පත්හි "මාට්ටු" ලෙස සිරස්තලයෙහි භාවිතා කළ වාර ගණන පහත දක්වා ඇත. ඉන් දිනමිණ පුවත්පත පමණක් 04 වතාවක් 'මාට්ටු' භාවිතා කර තිබුණු අතර අනෙක් සියලුම පුවත්පත් 'මාට්ටු' ලෙස සඳහන් කර...
Ethics Eye
“චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්”
අගෝස්තු 14, 2025 දින දිනමිණ, මව්බිම, අරුණ පුවත්පත් වල සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන වචනය යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත. බොහෝ විට සිංහල පුවත් තුල “චීන්නු” යන්න යොදන්නේ සෘණාත්මක සන්දර්භයක් තුලය. විශේෂයෙන්ම, නීති...
“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද?
පුවත්පත - ලංකාදීප (අගෝස්‍තු 13, 2025) සිරස්තලය - "සුද්දෝ ගමට වහවැටී ට්‍රැක්ටරයේ ගමනේ" පුවත් අන්තර්ගතය - "අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගත කිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් කණ්ඩායමක්...." සමේ වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව "සුද්දා" වැනි යෙදුම්...
“සුරූපිනිය” – අදාළ ද?
* අරුණ- අගෝස්තු 13,2025 * සිරස්තලය - "ප්‍රංශ සුරූපිනිය බසයේ දමා ගිය බෑගය යළි ඇය අතටම" ‘සුරූපිනිය’ - අදාළද? අනුමත කල හැකිද? මෙය අදාළ නොවේ. එය අදාළ නොවන්නේ ඇයි? ප්‍රංශ සුරූපිනිය යනුවෙන් විස්තර කිරීම හරහා සිදුවන්නේ ප්‍රධාන සිදුවීමට අදාළ...
කොන්කිරීම් පිටු දැකීමේ එක්සත් ජාතීන්ගේ දිනය අදයි!
අපි එක්ව නැඟී සිටිමු! කොන්කිරීම් පිටු දකිමු!
කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.
මේ පිළිබඳව මාර්තු 31, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, එසේම එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් දැක්විය හැක. * දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ...
මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!
මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි; * මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක්...
අනියමින් ප්රචණ්ඩත්වය සාමාන්‍යකරණය කිරීමක් ?
එකම පුවතක්, වාර්තාකරණයන් දෙකක්
එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. පුවත්පත:...
කාන්තාවන් පමණක් වෙන්කර පෙන්වන්නේ ඇයි?
එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ. දිනමිණ පුවත්පත තුළ (ජූලි 1, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. 1) මෙසේ මාධ්‍ය, යම් වරදක් සම්බන්ධයේදී...










