තලංගම ප්‍රදේශයේදී කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සමූහ ලිංගික අපරාධයක් මාර්තු 16, 2025 දින හිරු රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. සිරස්තල - "තලංගමදී කතකට හදි කළ තිදෙනෙක් සොයයි" අන්තර්ගතය - "තලංගමදී කතක් කෙලෙසූ තිදෙනෙක් සොයයි" 1) සිරස්තලය තුළ...
Features
විදුලි බිල වැඩි වීම විවිධ පාර්ශවයන්ගෙන් විරෝධය-මෙම පුවත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ
විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීම පිලිබඳ විවිධ පාර්ශවයන්ගේ විරෝධය දැක්වෙන පුවත් ජූනි 12, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
මාට්ටු මාධ්‍යට උචිත ද?
පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...
”හදි කිරීමක්” ද?ලිංගික අපයෝජනයක් ද?
බාලවයස්කාර සිසුවියකට බරපතළ ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබූ දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියමවීමේ පුවතක් ේ වාර්තා වී තිබුණේ මෙසේය. * "බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහුඋළුගෙදර යවයි" - දිවයින * "ශිෂ්‍යාවක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය:...
විදුලි බිල වැඩි වීම- රූපවාහිනි පුවත් ඔස්සේ
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීමේ පුවත ජූනි 11, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 11, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?
කාන්තාවන් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්‍ය මගින් බොහෝ විට ඔවුන්ව ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදුවන බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු. මේ Ethics Eye නිරීක්‍ෂකයෙකු විසින් අප වෙත යොමු කර තිබුණු තවත් එවැනි නිදසුනකි. ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය...
ඍණාත්මක සන්දර්භයන් ඇති පුවත් තුළ කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම.
මාධ්‍ය තුළ පළ වන ඇතැම් පුවත් වාර්තාවන්හි, එකම වරද සිදුකළ කාන්තාවන් සහ පිරිමින් නීතියට හසුවූ අවස්ථාවකදී, කාන්තාව පමණක් වඩාත් ඉස්මතු කොට දැක්වීමේ භාවිතාවක් දක්නට ලැබේ. එනම්, එහිදී කාන්තාව සහ පිරිමියා විසින් එකම වරද සිදුකරනු ලැබූ අවස්ථාවකදී වුවත්, කාන්තාව කළ වරදට වැඩි...
ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. එහිදී ඔවුන්ව කොන් කිරීමකට ලක් නොකිරීමට වග බලා ගැනීම එම සමාජයේම වගකීමකි. මෙය ආබාධ සහිතව ජීවත් වන්නවුන් සම්බන්ධයෙන් වන පුවත් වාර්තාවන්ටද අදාළ වේ. ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් යොදා ගැනීම;...
“රූමත්” – අදාළ ද?
"රූමත්", "ලස්සන" වැනි විශේෂණයන් උපයෝගී කරගනිමින්, පුවතකට අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතුකොට දැක්වීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය අනුගමනය කරයි. මෙයට නිදසුනක් ලෙස, 16 හැවිරිදි සිසුවියන් හතර දෙනෙකුගේ ඡායාරූප AI තාක්ෂණය මගින් වෙනස් කර, ඔවුන්ට අන්තර්ජාලය හරහා ලිංගික අපරාධයක්...
අනුරාධපුර ලිංගික අපරාධ සිද්ධිය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය හැඳින්වීමට මාර්තු 14,2025 සිංහල පුවත්පත් තුළ භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, "දූෂණය" යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට ලක්වූ අයෙකු...










