මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස ුඑය මත්ද්‍රව්‍ය කෙරෙහි හුදුලොල් වීමක් ලෙසට ලඝු කිරීම හානිදායක විය හැකි බව පර්‍යේෂණ පෙන්වයි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ව හැඳින්වීම සඳහා, "මත්ලෝලියා", "කුඩ්ඩා" යනාදී...
Features
ආබාධිතද? ආබාධ සහිතද?
යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි. එයින් එකක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, එම පුද්ගලයා "ආබාධිත පුද්ගලයෙකු (A disabled person)" ලෙසින් නොහඳුන්වා ඒ වෙනුවට එම පුද්ගලයා...
දික්කසාද බව අදාළද?
අගලවත්ත ප්‍රදේශයේ තරුණියක් ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ පුවතක් පුවත්පත් අප්‍රේල් 21, 2025 වාර්තා කර තිබිණි.මෙය දිවයින සහ අද පුවත්පත්වල සිරස්තල තුළ වාර්තා වී ඇත්තේ කෙසේද?* දිවයින - "පැතූ සෙනෙහස නොලැබුණැයි පෙම්වතා දික්කසාද කත ගෙල කපා ඝාතනය කරයි"* අද - "පෙම්වතිය...
අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. සිංහල පුවත්පත් මුල්පිටු සිරස්තල තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. අරුණ සහ දිවයින...
ලිංගික අපරාධ හැදින්වීමට ”දූෂණය”,”කෙළෙසීම” යෙදුම් භාවිතය
අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක....
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධිය
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි. මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී,* සිරස්තලය සහ පුවත් අන්තර්ගතය තුළ දිවි තොර කර ගත් ආකාරය දක්වා ඇත.* දිවි තොර කර ගැනීමට හේතුව සරලව...
පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීම
පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධව රූපවාහිනී නාලිකා දෙකක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි. * මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කළ නාලිකා දෙකම;හදිසි උපකාරක අංක සඳහන් කර නොතිබුණි.දිවි තොර කරගත් බවට පැවසෙන ආකාරය පළ කර තිබුණි.දිවි තොර කර...
චීන්නු ද? චීන ජාතිකයින් ද?
චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...
තමාව අත් අඩංගුවට නොගන්නැයි කියා,පොලීසියෙන් සැඟව සිටින දේශබන්දුගෙන් අධිකරණයට රිට් පෙත්සමක්.
දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ සිංහල පුවත්පත් පහත පරිදි දැක්විය හැක. * හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත්...









