An incident involving transgender persons was covered in contrasting ways by Dinamina and Divaina.
Which newspaper reported it ethically?
An incident involving transgender persons was covered in contrasting ways by Dinamina and Divaina.
Which newspaper reported it ethically?
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.
ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝවක් ඇතැම් මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉහළ අවධානයක් දිනාගෙන තිබිණි.
මෙහිදී බොහෝ දෙනෙකු විමසා තිබුණේ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ පාපොච්චාරණයක් මෙසේ රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද යන්නයි.
සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව – මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?
දෙස් විදෙස් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ සඳහන් කෙරෙන්නේ, පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම්, වාර්ගිකත්වයන් පිළිබඳව සඳහන් නොකරන ලෙසටයි.
අන්සතු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් දිනමිණ සහ අරුණ පුවත් වාර්තාවන් තුළින් ආවරණය වී ඇත්තේ පහත අයුරිනි.
ජූලි 31, 2024 දින දිනමිණ, ලංකාදීප, මව්බිම, දිවයින, අරුණ සහ අද පුවත්පත් මුල් පිටු තුළ, “ජනාධිපති රනිල් තමයි” යන සිරස්තලය සමගින් වාර්තාවක් පළ වී තිබිණි.
කෙසේ වුවත්, දිනමිණ හැර අනෙකුත් සෑම පුවතකම මෙය දැන්වීමක් යැයි සඳහන් කර තිබුණි. එනමුත් දිනමිණ එය දැන්වීමක් බව කෙසේවත් සඳහන් කර නොතිබුණි.
එකම පුවත්පතේ, එකම දිනයක, එකම පිටුවක චීන ජාතිකයින් සම්බන්ධ වන පුවත් සිරස්තල දෙකක, එකක “චීන ජාතිකයන්” යනුවෙනුත්, අනෙක් සිරස්තලයේ “චීනුන්” යනුවෙනුත් දැක්වීමෙන් අදහස් වන්නේ, යම් කිසි විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැති බවද?
* පුවත්පත: දිනමිණ (අගෝ. 07, 2024) * සිරස්තලය: "කාන්තා වෙසින් ඇවිල්ලා පිරිමියෙක් බොක්සිං ගහලා" * අන්තර්ගතය: ඉමානි කලීෆා සංක්‍රාන්ති ලිංගිකයෙකු නොවේ යැයි සඳහන් වේ. ඔබේ අදහසට අනුව, 1) මතභේදයට තුඩුදුන්, ඇල්ජීරියාව නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරග බිමට පැමිණි ඉමානි...
ලිංගික අපරාධ, විශේෂයෙන්ම බාලවයස් ලිංගික අපයෝජනයන් පිළිබඳව වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් “වින කිරීමක්”, “හදි කිරීමක්” වැනි යෙදුම් භාවිතා කරන බව අපට නිරීක්ෂණය කළ හැක.
ඒ ඔස්සේ බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සන්නිවේදනය වන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවන්නේදැයි එසේම අප ඇසිය යුතුයි.
ඒ අනුව, මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?
සර්වජන බලය දේශපාලන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලෙසින් දිලිත් ජයවීර නම් කිරීමේ ජාතික මහා සමුළුව, අගෝ. 04, 2024 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අගෝ. 04, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් සැලකිල්ලට ගත් විට, සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත්, එහිදී දිලිත් ජයවීර විසින් කළ කතාවට පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත් පහත පරිදි දත්ත සටහනකින් පෙන්වා දිය හැක.