Ethics Eye

අදාළ නොවන සන්දර්භයන් තුළ වාර්ගිකත්වය ඉස්මතු නොකරමු!

යම් පුවතකට සෘජුව අදාළ නොවන අවස්ථාවන්හිදී වාර්ගිකත්වය සඳහන් නොකළ යුතු බව, මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශයන් හි දැක්වේ.

පුවතට අදාළ නොවන සෘණාත්මක සන්දර්භයන් තුළ වාර්ගිකත්වයන් ඉස්මතු කොට දැක්වීමේ ගැටළුව වන්නේ, ඒ ඔස්සේ එම වාර්ගිකත්වයන් සෘණාත්මකව රූපණයු වීමට ඇති හැකියාවයි.

2023, 2024 සහ 2025 වසර වල ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා ඇති පළමු කාර්තුවේදී තෝරාගත් සිංහල භාෂා පුවත්පත් තුළ මෙසේ අදාළ නොවන අවස්ථාවන්හිදී වාර්ගිකත්වය ඉස්මතු වූ වාර ගණන පහත දත්ත සටහනෙන් දැක්වේ.

එහිදී නිරීක්ෂණය කළ හැකි වන්නේ, 2023 පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වර්ෂයේ පළමු කාර්තුව තුළ මෙම ආචාර ධර්මය කඩවීම හතකින් පමණ අඩු වී ඇති බවයි. එහෙත් 2024 පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළ මෙම ආචාර ධර්මය කඩවීම එකකින් පමණ වැඩි වී ඇති බව පෙනී යයි.

මාධ්‍ය තුළ අදාළ නොවන සෘණාත්මක සන්දර්භයන් තුළ වාර්ගිකත්වය ඉස්මතු නොකරමු. වගකීමෙන් මාධ්‍යකරණයේ නියැලෙමු.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This