අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය වෙබ් අඩවි තුල සඳහන්ව තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක.
එකම පුවත් වෙබ් අඩවිය තුළ ඇතැම් අවස්ථාවන්හි “දූෂණය” යනුවෙන්ද, තවත් විටක “අපයෝජනය”, “අතවර”, “ලිංගික වද හිංසා” යනුවෙන්ද දක්වා ඇත.
පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, “දූෂණය” යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී, කිලිටි වී ඇති බවට අදහසක් ගම්‍ය නොවන්නේද යන්නයි. ඒ ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති කොන් කරන සුළු, ගැරහුම් සහගත ආකල්පය තවත් තීව්‍ර වීමේ අවදානමක් නැතිද?
“දූෂණය” යන්න වෙනුවට “ලිංගික අපරාධය”, “ලිංගික අපයෝජනය” යන යෙදුම් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බවට ඔබ එකඟ වන්නේ ද?
ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!


0 Comments