Ethics Eye

කැන්දවින්න ප්‍රදේශයේ ඝාතන-දිවි නසා ගැනීම් සිද්ධිය

කැන්දවින්න ප්‍රදේශයේ තම බිරිඳ ඝාතනය කර, ඉන් අනතුරුව සැමියාද දිවි තොර කර ගැනීමේ පුවතක් විවිධ පුවත්පත (ජූනි 18, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ.

මෙහිදී සියලු පුවත්පත් වාර්තා,
* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.
* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.
*මීට අමතරව අරුණ පුවත්පත සිරස්තලයේ දිවි තොර කරගැනීමට මුල් වූ හේතුව සුළු කොට දක්වා ඇත.

දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි.

එසේම, දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.

ඒ අනුව, මෙම සිදුවීම කෙතරම් වගකීම් සහගතව මෙම පුවත්පත් වාර්තා කර තිබේ යැයි ඔබ සිතන්නේද?

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක) 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This