චීන්නු ද? චීන ජාතිකයන්ද ?
චීන ජාතිකයින්ව හැඳින්වීමට මාධ්‍ය සිරස්තල ඇතැම් විට “චීන්නු”, “චීනුන්” වැනි යෙදුම් උපයෝගී කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු.
“චීන්නු”, “චීනුන්” වැනි යෙදුම් සමාජය තුළ කටවහරේ භාවිතා වන්නේ -විශේෂයෙන්ම සෘණාත්මක පසුතලයන් තුළ- අවමානාත්මක ස්වරයකින් බව නොකිවමනායි. එවන් විටක, මාධ්‍ය තුළින් දිගින් දිගටම එවැනි යෙදුම් විදෙස් ජාතිකයින් හැඳින්වීමට යොදාගැනීම, එම විදෙස් ජාතිකයින් කෙරෙහි ගර්හාත්මක, කොන් කරන සුළු ආකල්පයක් සමාජය තුළ මුල් බැස ගැනීමට හේතු නොවනු ඇතිදැයි අප විමසමු.
එම පසුතලය යටතේ, රාගම මහබාගේ ප්‍රදේශයේ නීති විරෝධී සංක්‍රමණිකයන් රදවා සිටි මධ්‍යස්ථානයකින් පලාගිය චීන ජාතිකයන් 9 දෙනකු පෙරේදා (22) අත්අඩංගුවට ගැනීමේ පුවත් කිහිපයක් දැක්වී තිබූ ආකාරය පහත පරිදි නිරීක්ෂණය කළ හැක.
මෙහිදී ලංකාදීප පුවත්පතෙහි සිරස්තල තුළ “චීන්නුු” ලෙසද අන්තර්ගතය තුළ “චීන ජාතිකයා” ලෙසද මෙම පිරිස හඳුන්වා තිබිණි.
මෙවැනි පුවත් සිරස්තලයන් තුළ චීන ජාතිකයින් හැඳින්වීමට “චීන්නු”, “චීනුන්” යන යෙදුම් භාවිතය ගැටළුකාරී නොවන්නේ ද?
දිනමිණ පුවත්පතේ සදහන් ආකාරයට “චීන ජාතිකයන්” ලෙස හැදින්වීම වඩා යෝග්‍ය නොවන්නේද?
ඒ අනුව, මෙම පුවත සඳහා වඩාත් යෝග්‍ය සිරස්තලය ලෙසින් ඔබ තෝරාගන්නේ කුමක්ද?
විදේශීය ජාතිකයින් හැඳින්වීමට අපහාසාත්මක ලේබල් කිරීම් භාවිත නොකරමු!


0 Comments