“දූෂණය” හෝ “කෙළෙසීම”
දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් බොහෝ කාලයක් පුරාවට ලිංගික අපරාධයන් හැඳින්වීමට යොදාගැනුණු බැව් සැබවි. නීති පොත් තුළ පවා තවමත් ලිංගික අපරාධයන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ ‘දූෂණය’ යනුවෙනි.
කෙසේ වෙතත්, දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් ඉවතලන්නට කාලය පැමිණි ඇති බව අප පවසනුයේ, එම යෙදුම් ඔස්සේ වින්දිතයෙකු අපවිත්‍ර වී ඇති බවක් හැඟවීමත්, ලිංගික අපරාධයක වින්දිතයෙකු වෙත සමාජයෙන් ගර්හාවක් එල්ල වීමට එයද සාධකයක් විය හැකි නිසාත් වේ.
පහත දැක්වෙන්නේ 2023, 2024 සහ 2025 යන වසර වලදී පළමු කාර්තුව තුලදී තෝරාගත් සිංහල භාෂා පුවත්පත් දත්ත ඇසුරින් සිදුකර ඇති සංසන්දනයකි.
ආචාර ධාර්මික මාධ්‍යකරණයක් උදෙසා අපි පෙළගැසෙමු!


0 Comments