Ethics Eye

පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීම

පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධව රූපවාහිනී නාලිකා දෙකක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි.

* මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කළ නාලිකා දෙකම;
හදිසි උපකාරක අංක සඳහන් කර නොතිබුණි.
දිවි තොර කරගත් බවට පැවසෙන ආකාරය පළ කර තිබුණි.
දිවි තොර කර ගැනීමට හේතුව සරලව දක්වා තිබුණි.

* තවද මෙම නාලිකා දෙකම දිවි තොර කර ගත් බවට පැවසෙන ස්ථානයේ දර්ශන පෙන්වා තිබිණි.
* එසේම එක් රූපවාහිනී මාධ්‍යයක් දිවි තොර කර ගැනීමේ CCTV දර්ශණ විකාශනය කර තිබිණි.

දිවි තොර කර ගැනීම වාර්තාකරණය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසන්නේ, දිවි තොර කර ආකාරයන් සහ දිවි තොර කර ගත හැකි ස්ථාන පළ කිරීම, දිවි තොර කර ගැනීමට නැඹුරුවක් ඇති අයෙකුට අනුකාරක දිවි තොර කර ගැනීම් සඳහා උත්ප්‍රේරකයක් විය හැකි බවයි.

මීට අමතරව දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, තවත් එක් ජීවිතයක් හෝ බේරා ගැනීමට ඉවහල් වනු ඇත.

උපකාරක අංක පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක) 

No photo description available.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This