පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධිය
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි.
මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී,
* සිරස්තලය සහ පුවත් අන්තර්ගතය තුළ දිවි තොර කර ගත් ආකාරය දක්වා ඇත.
* දිවි තොර කර ගැනීමට හේතුව සරලව දක්වා ඇත.
*දිවි තොර කර ගන්නා ආකාරය පෙන්වන CCTV දර්ශන,ප්‍රමාණවත් නොවන ලෙසින් බොඳ කර, හඬ ද සමග විකාශය කර ඇත.
*උපකාරක අංක සඳහන් කර නැත.
දිවි තොර කර ගැනීම වාර්තාකරණය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසන්නේ, දිවි තොර කර ගන්නා ආකාරය මෙසේ පුවත් සිරස්තලය තුලත්, අන්තර්ගතය තුලත් විස්තරාත්මක දර්ශන ලෙසින් අනවශ්‍ය ප්‍රමුඛතාවයකින් පළ කිරීම, දිවි තොර කර ගැනීමට නැඹුරුවක් ඇතිත් වෙනත් අයෙකුට උත්ප්‍රේරකයක් විය හැකි බවයි.
මීට අමතරව දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් තුළ හදිසි උපකාරක අංක පළ කිරීම, තවත් එක් ජීවිතයක් හෝ බේරා ගැනීමට ඉවහල් වනු ඇත.
උපකාරක අංක පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
*CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක).


0 Comments