Ethics Eye

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!

මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි;

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස දක්වන්න – මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු රාශියක් හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් බව දැක්වීමෙන් ඉන් පෙළෙන පුද්ගලයින් තුළ සුව වීමේ අපේක්ෂාවක් ඇති කළ හැකියි.

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනයට උපකාරී විය හැකි අංක හෝ විශේෂඥ මූලාශ්‍ර සඳහන් කරන්න – මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකුට උපකාර ලබා ගත හැකි අංක සඳහන් කිරීමෙන් ඔවුන්ව ඒ සඳහා දිරි ගැන්විය හැකියි.

* මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ මත්ද්‍රව්‍ය දැක්වෙන ජායරූප පළ නොකරන්න – මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන්ට හා පුනරුත්ථාපනයට යොමු වී ඇති පුද්ගලයින්ට විය හැකි ඍනාත්මක මානසික බලපෑම හා හානිය මෙමගින් අවම කිරීමට හැකිය.

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු අදහස් පළ නොකරන්න- සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට විය හැකි හානිය අවම කිරීමට හැකියි.

ඒ අනුව, අරුණ පුවත්පතේ (ජූලි. 4, 2025) පළ වී තිබූ පහත දක්වා ඇති වාර්තාකරණය සලකා බලමු.

සිරස්තලය: “මතට ලොල්ව අකලට මියගිය තරුණ පියකුගේ ඛේදවාචකය”

මත්ලෝලී වෙනුවට?

“මත්ලෝලී” වෙනුවට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම යනුවෙන් සදහන් කිරීම වඩාත් යෝග්‍යයි. ඒ තුලින් එය රෝගී තත්ත්වයක් ලෙසට හඳුනාගැනෙනවා.

මේ හරහා මේ සම්බන්ධව සමාජයේ පවතින නිෂේධාත්මක ආකල්ප අඩු කිරීමට උපකාරී වෙනවා. ඒ අනුව මෙම තත්වයට ලක් වූවන්ට පුනරුත්ථාපනය කෙරෙහි අවධානය කිරීමට උපකාරී වෙනවා

මාධ්‍ය වාර්තාකරණයේ බලපෑම

යම් මරණයකට හේතුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිදුවූ පහරදීමක් වුවත්, එය මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම හේතුවෙන් සිදුවූවක් ලෙස සිරස්තලවලින් ඉස්මතු කිරීම මගින්:

මත්ද්‍රව්‍යවලින් මිදීමට උත්සාහ කරන අයට මානසික පීඩාවක් සහ බියක් ඇති විය හැකියි.

පුනරුත්ථාපන ක්‍රියාවලියට බාධා ඇති විය හැකියි.

මත්ද්‍රව්‍යවලින් මිදීමට උත්සාහ කරන අයට මානසික පීඩාවක් සහ බියක් ඇති විය හැකියි.

ධනාත්මක සමාජයක් වෙනුවෙන් අපි සැවොම නිෂේධාත්මක ලේබල් කිරීම්වලින් වැළකෙමු.

මත්ද්‍රව්‍ය භාවිතය ගැන වාර්තා කිරීමේදී සංවේදීව සහ නිවැරදි තොරතුරු සමග කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයට නිසි ප්‍රතිකාර සහ සමාජ සහාය සැපයිය යුතුය.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This