මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?
සංවේදී සිදුවීමක් – විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් – වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ.
මෙසේ හැඟීම් කළඹවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීමේ ඇති ගැටළුව වන්නේ, එයින් සිදුවීමක් දෙස අපක්ෂපාතී අයුරින් නිරීක්ෂණය කිරීමට පාඨකයාට ඇති හැකියාවට බාධා පැමිණීමත්, අවධානයට යොමු විය යුතු කරුණු පාඨක අවධානයට හසු නොවීමත් වේ. එය කෙතරම් වගකීම් සහගත මාධ්යකරණයක්දැයි පාඨක අප ඇසිය යුතු වේ.
නිදසුනක් ලෙසට, මහනුවර දේදුනුපිටියේ නිවසක ඉහළ මහලකින් මිදුලේ පොකුණකට ඇද වැටී කුඩා දැරියක් මිය යෑමේ සිදුවීම, දිවයින සහ මව්බිම පුවත්පත් (ජන. 10, 2025) වාර්තා කර ඇති අන්දම විමසා බැලිය හැක.
* දිනමිණ පුවත මෙම මරණය “මල් කැකුළක් මිලින වීමක්” ලෙසින් පෙන්වා දී ඇති අතර, මව්බිම පුවත, “දැරියක් මිය යයි” යනුවෙන් ඇය සඳහන් කර තිබේ.
මෙම පුවත් දෙක සලකා බැලීමේදී, දිවයින පුවත මෙම සිදුවීම හැඟීම් කළඹවන සුළු ආකාරයකින් වාර්තා කර ඇතැයි ඔබ නොසිතන්නේද?
හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!


0 Comments