ලේබල් කිරීම් නැතුව බැරි ද?
මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත ඉතා විශාල වගකීමක් ඇත.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු කාරණා හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් මිස හුදු ‘මතට ලොල්’ වීමක් නොවේ.
තවද,”කුඩ්ඩා” වැනි සෘණාත්මක ලේබල්කරණයන් තුළින්, මත්ද්‍රවය භාවිත කරන්නන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින ගර්හාවේ සහ කොන් කිරීමේ ආකල්පයන් තීව්‍ර වීය හැක. එමගින්, පුනරුත්ථාපනයෙන් පසුව හෝ ඔවුන්ට සමාජයට එක් වීම අසීරු වේ.
එවැනි පසුබිමක, දිවයින සහ ලංකාදීප (මැයි 29, 2025) පුවත්පත් තුළ ගුරුවරියකගේ ණය කාඩ්පත සොරකම් කිරීමේ වරදට සැක පිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් වාර්තා කර තිබූ ආකාරය ඉපත් දැකවේ.
- දිවයින සිරස්තලය තුළ සැකකරු “මත්ලෝලියා” ලෙස
- ලංකාදීප සිරස්තලය තුළ ඔහු “කුඩ්ඩා” ලෙස
ධනාත්මක සමාජයක් වෙනුවෙන් සෘණාත්මක ලේබල්කරණයන්ගෙන් වළකිමු!
සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයක යෙදෙමු!


0 Comments