ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු.
පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු.
අරුණ (මැයි. 28, 2025)
*සිරස්තලය – “විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන ආධාර මුදල ඉහළට“
දිනමිණ (මැයි. 28, 2025)
*සිරස්තලය – “ආබාධ සහිත පුද්ගලයන්ගේ උපකරණ දීමනාව 30,000කින් නංවයි“
ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි.
එනම් පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, ඔහුගේ ආබාධ දෙවන තැන ගන්නා බවත්ය. මේ ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආබාධ සහිතව ජීවත් වන අයව කොන් කිරීම වැළැක්වීමයි.
ඉහත සිරස්තල සහිත පුවත් වාර්තාකරණයන් දෙකෙහිම අන්තර්ගතය තුළ “ආබාධ සහිත පුද්ගලයන්” ලෙසින් නිවැරදිව යොදා තිබිණි. ඒ අනුව පුවත් සිරස්තල තුලද ඒ ආකාරයෙන් නිවැරදි පුද්ගල-ප්‍රථම භාෂාවක් යොදා ගත්තානම් වඩාත් යෝග්‍ය නොවන්නේද?
ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!


0 Comments