ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
*පුවත්පත – ඉරිදා මව්බිම (මැයි. 4, 2025)
*සිරස්තලය – “අබාධිත අයට ඡන්දය තුළට විශේෂ පහසුකම්”
*අන්තර්ගතය – “පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධ සහිත ඡන්ද හිමියන්ට”
*පුවත්පත – මව්බිම (මැයි. 5, 2025)
*සිරස්තලය – “අබාධිත පුද්ගලයන් ඡන්දය දීමට උනන්දු නොවන්නේ ඇයි?”
*අන්තර්ගතය – “ආබාධ සහිත ප්‍රජාවගේ” ලෙසින් අන්තර්ගතය තුළ සඳහන්ව ඇත.
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු.
මෙම පුවතේ අන්තර්ගතය තුළ “දෘශ්‍යාබාධ සහිත ඡන්ද හිමියන්”, “ආබාධ සහිත ප්‍රජාව” ලෙසින් යොදා තිබියදී, සිරස්තලය තුළ “ආබාධිතයින්” ලෙසින් යෙදී ඇත්තේ කුමන හේතුවක් නිසාද?
ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!


0 Comments