Ethics Eye

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. එහිදී ඔවුන්ව කොන් කිරීමකට ලක් නොකිරීමට වග බලා ගැනීම එම සමාජයේම වගකීමකි. මෙය ආබාධ සහිතව ජීවත් වන්නවුන් සම්බන්ධයෙන් වන පුවත් වාර්තාවන්ටද අදාළ වේ.

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් යොදා ගැනීම;

▪

 පුද්ගල-ප්‍රථම භාෂාවක් යනු පුද්ගලයා මූලික කොට ගනිමින්, ආබාධය ද්විතීයික කාරණාවක් ලෙසින් හඳුන්වන භාෂාවයි.

▪

 එහිදී, කෙනෙකුගේ ආබාධය ඔවුන්ගේ ශරීරයේ ඇති යම් තත්ත්වයක් ලෙස විස්තර කිරීමටත්, එම ආබාධය ඔවුන්ගේ එකම අනන්‍යතාවය ලෙස නොදැක්වීමටත් පුද්ගල-ප්‍රථම භාෂාවක් උපකාරී වේ.

▪

 උදාහරණයක් ලෙස, “ආබාධිත” සහ “ආබාධ සහිත” යන්න සලකා බලමු.

▪

 ඉහත යෙදුම් බැලූ බැල්මටම එකම තේරුම ඇති යෙදුම් ලෙසින් පෙනී යා හැක. නමුත්, ‘ආබාධිතයා’ යන්නෙන් ඔහුව/ඇයව එම ආබාධය ඔස්සේ, ආබාධය ප්‍රාථමික කොට ගනිමින් හැඳින්වීමත්, ‘ආබාධයක් සහිත පුද්ගලයා’ යන්නෙන් එම ආබාධය ද්විතීයික කාරණාවක් ලෙසින් ඔහුව/ඇයව මූලික කොට ගනිමින් හැඳින්වීමත් සිදු නොවන්නේදැයි මෙහිදී අප විමසිය යුතුයි.

ඒ අනුව, “ආබාධිත”, “අබාධිතයා” යන්න වෙනුවට “ආබාධ සහිත [පුද්ගලයෙකු]” යන්න වඩාත් යෝග්‍ය වේ යැයි අපි යෝජනා කරමු.

පහත දැක්වෙන්නේ 2023, 2024 සහ 2025 යන වසර වලදී පළමු කාර්තුව තුලදී තෝරාගත් සිංහල භාෂා පුවත්පත් තුළ, “අබාධ සහිත” යන පුද්ගල ප්‍රථම යෙදුම වෙනුවට “ආබාධිත” යන යෙදුම පුවත්පත් තුළ භාවිතා වූ අවස්ථා වල දත්ත ඇසුරින් සිදුකර ඇති සංසන්දනයකි.

මූලාශ්‍ර: https://cdrnys.org/…/the-disability-dialogue-4…/…

https://systems.aucd.org/…/sa…/Language%20Doc.pdf…

පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This