Ethics Eye

ඔබ තෝරගන්නා වාර්තාකරණය?

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටිය දී වෛද්‍යවරියක් බරපතළ ලිංගික අපරාධයකට මුහුණ දුන් බවට පැවසෙන සිදුවීමේ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට අදාළ වෛද්‍යවරිය නොපැමිණීම හේතුවෙන් පෙරෙට්ටුව කල් තැබීමේ පුවත, ලංකාදීප, දිවයින, මව්බිම සහ අරුණ පහත පරිදි වාර්තා කර තිබිණි.

ලිංගික අපරාධයක් වාර්තා කිරීමේදී නිසි සංවේදී භාවයකින් යුතුව වාර්තා කළ යුතු බව, මාධ්‍ය මාර්ගෝපදේශයන් පෙන්වා දෙයි.

1) එවැනි පසුතලයක් තුළ, ලංකාදීප සිරස්තලය පමණක්, “අතවර වෛද්‍යවරිය” ලෙසින් ලිංගික අපරාධයට මුහුණ දුන් අය ලේබල් කොට දැක්වීම අසංවේදී මාධ්‍යකරණයක් නොවන්නේ ද?

2) ලිංගික අපරාධයකට මුහුණ දුන් අය සම්බන්ධයෙන් සමාජය තුළ කොන් කරන සුළු ආකල්ප වැඩි වර්ධනය කිරීමටත් මෙවැනි සිරස්තල හේතු නොවනු ඇතිද?

ලිංගික අපරාධයකට අදාළ පුවත් නිසි සංවේදී භාවයකින් වාර්තා කරමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This