Ethics Eye

කරදර කිරීමක් ද?ලිංගික අතවර ද?

ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි.

මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි.

නිදසුනක් ලෙසට, නාවලපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් තුළදී සිදුවූ බවට පැවසෙන ලිංගික අතවර සිදුවීමක් සම්බන්ධව අයෙකු අත්අඩංගුවට පත් වීමේ පුවතක් දිනමිණ පුවත්පතේ (ජූනි 09, 2025) පහත ආකාරයෙන් සඳහන් වී තිබිණි.

ඔබේ අදහසට අනුව,

1) සිරස්තලය තුළ හෝ අන්තර්ගතය තුළ මෙය ලිංගික අතවරයක් ලෙසින් සඳහන් නොකොට, “කරදර” කිරීමක් හා “අතපත ගෑමක්” ලෙසින් දැක්වීම, ලිංගික අතවර සිදුවීමක් සැහැල්ලු කොට දැක්වීමක් යැයි ඔබ නොසිතන්නේ ද?

2) “අනංගයා” යන්නෙන් බොහෝ විට සංකේතවත් වන්නේ ශෘංගාරය නැතිනම් ප්‍රේමය නොවේද? ඒ අනුව, තරුණියන්ට බසය තුලදී ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරුවෙකු “අනංගයෙකුට” සමාන කිරීම, ලිංගික අතවර වරදක් සැහැල්ලු කොට දැක්වීමක් නොවන්නේ ද?

ලිංගික අතවරයන් සැහැල්ලු කොට වාර්තා නොකරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This