Ethics Eye

”කුඩ්ඩන්” ගැටලුකාරී ඇයි?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!

මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි;

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස දක්වන්න –

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු රාශියක් හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් බව දැක්වීමෙන් ඉන් පෙළෙන පුද්ගලයින් තුළ සුව වීමේ අපේක්ෂාවක් ඇති කළ හැකියි.

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනයට උපකාරී විය හැකි අංක හෝ විශේෂඥ මූලාශ්‍ර සඳහන් කරන්න –

මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකුට උපකාර ලබා ගත හැකි අංක සඳහන් කිරීමෙන් ඔවුන්ව ඒ සඳහා දිරි ගැන්විය හැකියි.

* මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ මත්ද්‍රව්‍ය දැක්වෙන ජායරූප පළ නොකරන්න –

මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන්ට හා පුනරුත්ථාපනයට යොමු වී ඇති පුද්ගලයින්ට විය හැකි ඍනාත්මක මානසික බලපෑම හා හානිය මෙමගින් අවම කිරීමට හැකිය.

* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු අදහස් පළ නොකරන්න –

සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට විය හැකි හානිය අවම කිරීමට හැකියි.

ඒ අනුව, දිවයින පුවත්පතේ සහ ලංකාදීප පුවත්පතේ (ජූනි. 24, 2025) පළ වී තිබූ පහත දක්වා ඇති වාර්තකරණයන් සසදමු.

*දිවයින – “පොලිස් ලොක්කෙක් හොරකමේ ගිහින් කුඩ්ඩන් ලවා ගෙවල් කඩලා, එස්. අයිගේ වැඩ තහනම්.”

*ලංකාදීප – “මතට ඇබ්බැහි අය නිවසක නවතා තිබුණු යතුරුපැදිය සොරාගෙන.”

‘කුඩ්ඩන්’ වැනි සෘණාත්මක ලේබල් භාවිතා නොකිරීම තුලින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පිළිබඳව පවතින් සමාජ ගර්හාව අවම කොට ඔවුන් එයින් මුදවා ගැනීම සඳහා උපකාරී විය හැක. 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This