Ethics Eye

”කෙලෙසූ” වෙනුවට ”අපයෝජනය” කළ?

බාලවයස්කාර දියණියක් බරපතල ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙක් වසර 60ක සිරදඬුවමක් නියම කිරීමේ පුවතක් ජූනි 27, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි.

*පුවත්පත: මව්බිම
සිරස්තලය: “ළදරු පාසල් දැරියක කෙලෙසූ 68 හැවිරිදි බාප්පා අවුරුදු 60ක් හිරේට (ලිංගික අපයෝජනය කිරීමක් යැයි පුවත් අන්තර්ගතයේ දැක්වේ).

*පුවත්පත: දිනමිණ
සිරස්තලය: “පෙර පාසල් දැරියක අපයෝජනය කළ බාප්පාට වසර 60ක සිරදඬුවම් (ලිංගික අපයෝජනය කිරීමක් යැයි පුවත් අන්තර්ගතයේ දැක්වේ).

ඔබ සිතන ලෙසට, ලිංගික අපයෝජනයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී ඇති බවට හැඟීමක් ජනිත කරවන, “කෙළෙසීම” වැනි යෙදුම්, ලිංගික අපයෝජනයක් හැඳින්වීම සඳහා භාවිතා නොකර සිටීම වඩාත් යහපත් නොවේද?

මේ අනුව බලන විට, මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට වඩාත්ම යෝග්‍ය සිරස්තල(ය) ලෙසින් ඔබ තෝරා ගන්නේ කුමක්ද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This