Ethics Eye

”ගංජාකාරයා”මාධ්‍යට උචිත ද?

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් යනු අප ජීවත් වන සමාජයේම කොටස්කරුවන් වේ. මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී, ඔවුන් හැඳින්වීමට යොදා ගැනෙන භාෂාව හරහා ඔවුන් මානුෂීය නොවන ආකාරයෙන් රූපණය වීම සිදු විය හැක. එවැනි භාවිතයන් ඔස්සේ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීම සඳහා උපකාර ලබාගැනීමට යොමුවීමෙන් වැලැක්වීමටද ඉඩ ඇත.

උදාහරණැයක් ලෙස,පුවත් වාර්තාවන් තුළ නිතරම දක්නට ලැබෙන “කුඩ්ඩා”, “කුඩුකාරයා” මෙන්ම “ගංජාකාරයා” වැනි සෘණාත්මක ලේබල්කරණයන් තුළින්,

* මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පිළිබඳව සමාජය තුළ ඇති කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප තවදුරටත් තීව්‍ර වීම.

* මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට නිසි පුනරුත්ථාපනයකින් පසුව වුවද සමාජයට එකතු වීමට ඇති බාධාවන් වැඩි වීම දැක්විය හැක.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අත්අඩංගුවට ගැනීමක් ගැන “ගංජාකාරයකු අල්ලන්න පැන්නාම පොලිසිය නිවාස අඩස්සියට අරන්, කතක් ඇතුළු 2 ක් අත්අඩංගුවට” යන සිරස්තලය යටතේ ලංකාදීප (ජනවාරි 02, 2025) පුවත්පතේ පළ වුණු පුවතකි.

මෙහිදී, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පිළිබඳව වගකීම් සහගතව වාර්තා කිරීමට ගත හැකි පියවර දෙකක් වේ;

1) “ගංජාකාරයා” වැනි යෙදුමක් වෙනුවට “ගංජා භාවිතා කළ අයෙකු” වැන්නක් යොදාගැනීම.

2) මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා සහය ලබා ගත හැකි මූලාශ්‍ර පුවත හා පළ කිරීම.

තවද, කාන්තා සහ පුරුෂ දෙකොටසම සම්බන්ධ වූ අවස්ථාවකදී වුවත්, “කතක් ඇතුළු 2ක් අත්අඩංගුවට” තුළින් කාන්තාවන් පමණක් ඍණාත්මකව ඉස්මතු කොට දක්වා ඇති මෙම පුවත් සිරස්තලය, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කොට ගනිමින් කාන්තාව කොන් කිරීමට ලක් කොට ඇත.

ගර්හාවන් සහ කොන් කිරීම් වලින් තොර මාධ්‍යකරණයක් වෙනුවෙන් පෙළගැසෙමු!

මූලාශ්‍ර:

https://static1.squarespace.com/…/Condensed+Style+Guide…

https://www.ccsa.ca/…/CCSA-Stigma-Primer-Journalists…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This