‘ජාවාරමා’ මාධ්‍යයට උචිතද?
මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කර තිබූ පුවත්පත් තුනක පුවත් වාර්තාවන් හතරක් දැක්වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක.
* පුවත් හතරේම සිරස්තල තුළ “ජාවාරමා”, “ජාවාරමෙක්” යනුවෙන් සඳහන් වේ.
* දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි “සැකකරුවකු”, “ජාවාරම්කරුවකු” ලෙසින් සඳහන් වන අතරවාරයේ, අරුණ පුවත් අන්තර්ගතය තුළ “ජාවාරම්කාරයකු” ලෙසින් සඳහන්ව තිබිණි.
යම් පුවතක් වාර්තා කිරීමේදී, එය කිසිදු පූර්ව විනිශ්චයක් දැක්වීමකින් හෝ, පාඨකයා තුළ පූර්ව විනිශ්චයක් ඇතිකරවීමකින් තොරව කරුණු වශයෙන් වාර්තා කිරීම අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත්, සැකකරුවන් හෝ වරදකරුවන් හැඳින්වීමට සෘණාත්මක ලේබල් භාවිත කිරීම තුළින්, පාඨකයා තුළ පූර්ව විනිශ්චයක් ඇති කෙරේ.
ඔබ සිතන ලෙසට,
1) බොහෝ විට සිරස්තල තුළම දැක්වෙන “ජාවාරමා”, “ජාවාරම්කාරයා” වැනි යෙදුම් හේතුවෙන්, පූර්ව විනිශ්චයකින් තොරව පුවත ග්‍රහණය කර ගැනීමට පාඨකයාගේ හැකියාව ගිලිහී නොයන්නේ ද? ඒ වෙනුවට, දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි සඳහන් වන ආකාරයට “සැකකරුවකු”, “ජාවාරම්කරුවකු” වැනි යෙදුම් වඩාත් උචිත නොවන්නේ ද?
2) දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි “සැකකරුවකු”, “ජාවාරම්කරුවකු” ලෙසින් සඳහන් වුවත්, එම සිරස්තලයන් තුළ “ජාවාරමා”, “ජාවාරමෙක්” යනුවෙන් දක්නට ලැබෙන්නේ, බොහෝ විට පුවත් සඳහා සිරස්තල යොදන්නේ පුවත් සංස්කාරකවරයෙකු වීම නිසාද?
පූර්ව විනිශ්චයන් ඇති නොකරන භාෂාවකට හුරු වෙමු!


0 Comments